වැඩසිටි කන්දේ රක්‍ෂිතයේ අක්කර 300ක් වනසති – දේවාලයට අයත් තින්නෝරු ඉඩම්ද අල්ලා ගනිති

195

*  වන පාළුවෝ කතරගම වන සංරක්‍ෂිතයේ ඉඩම් අල්ලා විකුණාගෙන කත* දෙවියනි ඔබ කොහිද…?

* වනය පුච්චා මහ බුරුත ගස් කපා ගෙවල් හදයි

කතරගම කේ.ඞී. දේවපි‍්‍රය

කතරගම ප‍්‍රදේශයේ වන රක්ෂිතයන්ට අයත් වන ප‍්‍රදේශයන් විශාල ලෙස විවිධ වූ පුද්ගලයින් අල්ලා ගනිමින් වටිනා ගස් කපා දැඩි පාරිසරික හානියක් කරමින් පසුවේ.

මේ වනවිට කතරගම කොච්චිපතාන සිතුල්පව්ව මාර්ගයටත් වැඩිසිටිකන්ද රක්ෂිතයටත් අයත් වන ප‍්‍රදේශයේ අක්කර 300කට වැඩි ප‍්‍රමාණයක් මෙම ජාවාරම්කරුවන් විසින් මහා වනය කපා පුච්චා දමා වටිනා බුරුත ඇතුලූ ගස් කපා එම`ගින් නිවාස තැනීම සිදු කරමින් පසුවේ.

වැඩසිටි කන්දේ රක්‍ෂිතයේ අක්කර 300ක් වනසති - දේවාලයට අයත් තින්නෝරු ඉඩම්ද අල්ලා ගනිති

මෙම වන විනාශය සිදු කළ පුද්ගලයින් අල්ලා ගැනීමේ වැටලීමක් ඊයේ ( 27) වැනි දින යුධ හමුදාව සහ වන සංරක්ෂණ නිලධාරීන් එක් ව සිදු කළ අතර එහි දි වටිනා බුරුත ගස් කපා නිවසක් ඉදි කරමින් සිටි පිරිසක් අත් අඩංගුවට ගැනීමට වන සංරක්ෂණ නිලධාරීන්ට හැකි විය.

මෙහිදී වැඩසිටිකන්ද රක්ෂිත සීමාවේ ගස් කපා දමා වනය ගිනි තබා ඇති අයුරු දිස් විය. මෙම ආශ‍්‍රිතව කතරගම දේවාලයට අයත් ඉඩම් අක්කර 55 ක් ද මෙම ඉඩම් කොල්ලාකරුවන් විසින් අත් පත් කරගෙන සිටිති. දේවාලයේ පුජාවෙන් පසුව බැතිමතුන් වෙත ලබා දෙන තින්නෝරු ඉඩම ද අල්ලා ගෙන ව්‍යාජ බලපත‍්‍ර සාදවා පිටස්තර පුද්ගලයින්ට මෙම රජයේ සහ දේවාලයට අයත් ඉඩම් විකුණා ඇති අතර මේ වනවිටත් මෙම ඉඩම තුළ ස්ථිර නිවාස සාදවා ගෙන පිරිස් පදිංචිව සිටිති.

ලෝකයේ ස්වාභාවිකව හට ගන්නා ගුප්ත වූ බලයක් ඇති තින්නෝරු පිහිටි ඉඩම් ද මේ අයුරින් අල්ලා ගැනීම සිදු කළත් වගකිව යුතු අංශ මේ දක්වා පියවරක් ගෙන නොමැත.

මෙයට අමතරව සෙල්ල කතරගම කොහොඹදිගන ප‍්‍රදේශයේ සහ යාල වන සීමාවට අයත් ස්ථාන රැසක අනවසර වැලි ගොඩ දැමීම හා වන සතුන් දඩයම් කිරීම සිදු කරන පුද්ගලයින්  රැසක් සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment