සමගි සෙවණ විවෘත කළ මොහොත

221

මහරගම අපේක්ෂා රෝහල වෙත ප‍්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් හට සහන සැලසීම වෙනුවෙන් ඒ ආසන්නයේ ඉදිකළ ‘සමගි සෙවණ’ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ අතිපූජ්‍ය හේනේගම ධම්මාධාර හිමියන් විසින් විවෘත කරන ලදී.

ලංකාවේ බොහෝ දුර බැහැර සිට පැමිණෙන අසරණ රෝගීන් හා ඔවුන්ගේ උපස්ථායකයන් හට නොමිලේ ආහාර පාන සමග නවාතැන් පහසුකම් ලබාදීමට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ඉල්ලීම අනුව මෙම ගොඩනැඟිල්ල ඉදිකර තිබේ. ඇක්සස් සමූහ ව්‍යාපාරය, ජෝන් සහ වරුනී කොවික් පදනම, අගරදගුරු මැදුර එක්ව රුපියල් මිලියන 179ක් වැය කරමින් මේ සඳහා අනුග‍්‍රහය දක්වා ඇත.

පුද්ගලයන් 51 දෙනකුට සරිලන සේ වර්ග අඩි 11450ක් වැනි භූමියක මහල් හතරකින් සමන්විතව මෙම ගොඩනැඟිල්ල ඉදිකර තිබේ. ජාති ආගම් කුල භේදවලින් තොරව පිළිකා රෝගීන් සහ ඔවුන්ගේ උපස්ථායකයන් සඳහා මෙම සහන සැලසෙන බව ද අගරදගුරු හිමිපාණෝ පැවසූහ. මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ දිනය සනිටුහන් වීම සඳහා අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, කොළඹ සහායක, රදගුරු මැක්ස්වෙල් සිල්වා සහ ශිරෝමි පෙරේරා මෙම පරිශ‍්‍රයේ පැළ තුනක් රෝපණය කරන ලදී.

මෙම අවස්ථාවට ජේ. ඞී. ඇන්තනී ජයකොඩි රදගුරුතුමා, ඇන්ටන් රංජිත් රදගුරුතුමා, ජූඞ් නිකලස් පියතුමා, පූජ්‍ය පක්ෂ සාමාජිකයන්, බොරලැස්ගමුව නගරාධිපති දේශබන්ධු අරුණ පි‍්‍රයශාන්ත, වෛද්‍ය හරේන්ද්‍ර ප‍්‍රනාන්දු සහ එම මහත්මිය, තියෝ ප‍්‍රනාන්දු, රොමේෂ් ෆොන්සේකා යන මහත්ම මහත්මීන් සහ ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගි වූහ.

ඥානතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment