රටට යෝග්‍ය ඡන්ද ක්‍රමයක්

106

මම මෙම ලිපිය ලියන්නේ රටට යෝග්‍යයි සිතෙන ඡන්ද ක්‍රමයක් ගැන කීමටය. අපේ රටට හොඳ මන්ත්‍රීවරුන් පත්කර ගැනීමට ක්‍රමයක් ගැනය. පළමුව පක්‍ෂ දේශපාලනය නැති කළ යුතුය. ආසනයකට මන්ත්‍රීවරයෙක් වුවමනාය. තනිව තරග කර පත්විය යුතුය. එක ආසනයකට තරග කළ හැක්කේ 25ට අඩු මන්ත්‍රී ප්‍රමාණයකටය. නොම්මර ක්‍රමයට පත් කළ හැකිය. මන්ත්‍රී කෙනෙක් වීමට අවශ්‍ය වන්නේ උගත්කම්, වත්පොහොසත්කම්, හොඳ ගතිගුණය. රටේ තමාට ඇති සුදුසුකම් මේ ක්‍රමයට සකසා ගත් ෆයිල් එකක් තමාගේ ප්‍රදේශයේ ආගමික නායකයකුගේ සහතිකයක් සමග ඡන්දයට ඉල්ලුම් කරන විට එදිනම ඉදිරිපත් කළ යුතු වේ. මන්ත්‍රීවරයෙක් අඩු වූ විටක දී හෝ මළ විටකදී එම ආසනයට මන්ත්‍රීවරයෙක් පත් කළ යුත්තේ නැවත ඡන්දයකිනි. බෝනස් මන්ත්‍රීවරුන් පත්කළ මන්ත්‍රීවරුන් අවශ්‍ය නොවේ. දෙවරක් ඉල්ලා පැරදුන අපේක්‍ෂකයකුට තුන්වැනි වරටත් ඉල්ලීමට ඉඩ දිය නොහැකිය. පත් වී එන මන්ත්‍රීවරුන්ගෙන් අධ්‍යාපන සුදුසුකම් අනුව මැති ඇමැතිකම් දිය යුතුය. අගමැති, ජනාධිපති කලින් හෝ පසුව තෝරා පත් කළ යුතුය.

මන්ත්‍රීවරුන්ට රජයෙන් ලේකම්වරු දිය යුතුය. වැඩිපුර වුවමනා නම් තමා පඩි ගෙවා තබාගත යුතුය. පවුල, දරුවන්, නෑදෑයන් තබාගැනීමට අවසර නැත. මනාප ක්‍රමය හා වෙනත් ආසනවල ඡන්ද අවශ්‍ය නොවේ. වෙනත් ආසනවල ඡන්ද ලබාගැනීමට මන්ත්‍රීවරුන්ට රජයේ මුදල් සොරකම් කිරීමට සිදුවෙතැයි සිතමි. ලේකම්වරු සුදුසු ආසන සඳහා පත්වීමට කැමති විය යුතුය.

දේශපාලන පත්වීම් දීම කළ නොහැක. ඇමැති මණ්ඩලය 22ත් 25ත් අතර විය යුතුය. රාජ්‍ය ඇමැතිවරු අවශ්‍ය නොවේ. ඒ කොටස රජයේ නිලධාරීන් විසින් සිදු කරනු ඇත. මැති ඇමැතිවරුන්ට ලක්‍ෂ ගණන් වටිනා සුඛෝපභෝගී නිල නිවස දිය නොහැක. කුමන රාජ්‍ය ආයතනයකට වුවත් සභාපතිවරුන් පත්කිරීමේදී ලංකාවම ආවරණය වන පරිදි විභාග තබා පත්වීම් දිය යුතුය. ඒවා මන්ත්‍රීන්ගේ හෙන්චයියන්ට දිය නොහැක. මැති ඇමැති, අගමැතිවරුන්ටත් වඩා වැඩි පඩියක් සභාපතිවරුන්ට දිය නොහැකිය. සෑම සභාපතිවරයෙක්ම රජයට වගකීමට බැඳී සිටිය යුතුය.

ආසනයකට මන්ත්‍රී කෙනෙක් උවමනාය. තෝරාගත යුත්තේ පක්‍ෂ ක්‍රමය නැතිකර තනිව තරග කර පත් විය යුතුය. පොහොසත්කම් දැන උගත්කම්, හොඳ ගතිගුණ ඇති මන්ත්‍රී කෙනෙක් වීමට සුදුසුකම් විය යුතුය. මන්ත්‍රීවරුන් තමාගේ ආසනයට හා රටට වැඩ කර පෙන්විය යුතුය. ඊළඟ වාරයට පත්වීමට වැඩ කළ යුතුය. මන්ත්‍රීන් ලේකම්වරු තමන්ගේ පවුලේ දරුවන් පවුලේ නෑදෑයන් පත් කළ යුතු නොවේ. පත්වී එන මන්ත්‍රීවරුන්ගේ දැන උගත්කම් ගැන සලකා බලා මැති ඇමැතිකම් දිය යුතුය. දේශපාලන හිතවත්කම් මත පත්වීම් දිය යුතු නැත. ඒ ක්‍රමයෙන් දේශපාලන කලකෝලාහල ද අඩු වේ.

ජේ. ඒ. ධර්මදාස,
බිංගිරිය.

advertistmentadvertistment
advertistmentadvertistment