මතට ඇබ්බැහි කොස්තාපල්ලා දෙදෙනාගේ වැඩ තහනම්

318

එක් කෙනෙක් නොරොච්චෝලේ අනිකා කෙසෙල්වත්තේ

මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු නොරොච්චෝලේ සහ කොළඹ කෙසෙල්වත්ත පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන වැඩතහනම් කර තිබේ.

කොළඹ කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හෙළිවූ තොරතුරු අනුව ඔහු අයිස් සහ කංසාවලට ඇබ්බැහිවූ අයෙකු බවට අනාවරණය කරගෙන ඇත.

නොරොච්චෝලේ පොලිසියට ලැබුණු තොරතුරු ඔස්සේ කළ වැටලීමක දී නිවසක කාමරයක් තුළ මත්ද්‍රව්‍ය පරිහරණය කළ හත්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් අයෙකු පොලිස් කොස්තාපල්වරයෙකි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment