ශ්‍රීලනිපය 19 දා විපක්ෂයේ වාඩිවෙනවා

311

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනා අනිද්දා (19 දා) ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්‍ෂයේ අසුන් ගන්නා බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසීය. රජයට එරෙහිව මතු වී තිබෙන විරෝධතා හා ආර්ථික ගැටලුවලට යම් විසඳුමක් කරා යෑමට සියලු පක්‍ෂවල සහභාගිත්වයෙන් අන්තර්වාර ආණ්ඩු පාලනයක් ඇති කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියත් එය ඉටු නොවන බව පෙනීයන නිසා ශ්‍රීලනිපය මෙම තීරණයට එළඹුණු බව ද ඔහු කීවේය.
ආණ්ඩුවෙන් ඉවත් වී සිටින පක්‍ෂ 11 කණ්ඩායම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර විසඳුමක් කරා යෑමට අවශ්‍ය වැඩපිළිවෙළක් ඉල්ලා සිටියත්, විසඳුමක් කරා යෑම වෙනුවට ජනාධිපතිවරයා තම පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමේ ක්‍රියාදාමයක් අනුගමනය කර ඇති බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් විපක්‍ෂයේ අසුන් ගැනීමෙන් පසු ආණ්ඩුවෙන් ඉවත් වී සිටින අනෙකුත් මන්ත්‍රීවරුන් ද යම් පියවරක් ගනු ඇතැයි තමා විශ්වාස කරන බව ද දයාසිරි ජයසේකර මහතා තවදුරටත් සඳහන් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment