බාල බෙහෙත්වල බරත් දොස්තරලාගේ සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිස මතට

183

ජීවිත තර්ජන එල්ල වෙලා – GMOA කියයි

සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ වෙනත් ආයතනයක් බාල ඖෂධ සම්බන්ධයෙන් වගකීම භාර නොගන්නා බවත්, ඖෂධ ලබාදීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් සිදුකරන නිසා වෛද්‍යවැන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ජීවිත තර්ජන එල්ලවෙමින් පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ‘දිවයින’ ට ඊයේ (16 දා) පැවැසීය.

රෝහල්වල ගැටලු නිසා රෝගීන් හා ඔවුන්ගේ ඥාතීන් වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමඟ ගැටුම් ඇති කරගැනීමට පැමිණීම නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ජීවිත තර්ජන එල්ල වී ඇතැයි ද හෙතෙම කීය.

බාල ඖෂධවලින් රෝහල්වල ප්‍රතිකාර කටයුතු කිරීම නිසා මෙසේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ජීවිත තර්ජනයට ලක්ව ඇති බව ද එහෙත් ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් වෛද්‍යවරුන්ට නැති බව ද ඒ මහතා සඳහන් කළේය.

මේ ජීවිත තර්ජන ගැන සෞඛ්‍ය ඇමැතිවරයා දැනුවත් කළ අතර මේ බාල බෙහෙත් ගෙන්වන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment