ඉන්දීය ණයේ අවසන් ඩීසල් තොගය 16 දා දිවයිනට ඩොලර් නොදුන්නොත් ඉන්ධන ගෙන්වීම ගැටලුවක්

1223

ඩීසල් හා පෙට්‍රල් හිඟය යළිත් උග්‍ර අතට පත්ව තිබෙන අතර මේ වනවිට රටපුරා ඉන්ධනහල් අසල දිගු වාහන පෝලිම් නිර්මාණය වී තිබේ.

මේ වනවිට සංස්ථාව සතුව තිබෙන ඩීසල් හා පෙට්‍රල් සංචිත ප්‍රමාණය පිළිවෙළින් මෙටි්‍රක් ටොන් 28000 සහ 27000 දක්වා පහළ ගොස් ඇතැයි එහි උසස් නිලධාරීහු හෙළිකර සිටිති.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබෙන අවසාන ඩීසල් තොගය වන මෙටි්‍රක් ටොන් 40,000 ලබන 16 වැනිදා කොළඹ වරායට ළඟාවීමට නියමිතය.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් තෝරාගනු ලබන ඉන්ධන හල්වලට පමණක් ඩීසල් හා පෙට්‍රල් සීමාසහිතව නිකුත් කිරීමට පියවර ගෙන ඇත්තේ සීමිත තොග කළමනාකරණය කර ගැනීම සඳහා යැයි තෙල් සංස්ථා අලෙවි අංශ නිලධාරීහු කියා සිටිති.

ඒ අනුව දිනකට බවුසර් 200 කට ආසන්න ප්‍රමාණයක් පමණක් ඉන්ධන බෙදාහැරීමට යොදවා ඇත. ඉන්ධන මිලදී ගැනීමට අදාළව යෝජනා 90 ක් පමණ ලැබී තිබෙන බවද ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා කියා සිටී.

රටට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමේදී ඊට අදාළ ඩොලර් සොයාගැනීම බරපතළ අර්බුදයකට පත්ව තිබෙන නිසා වහා විසඳුමක් ලබානොදුනහොත් යළි බරපතළ ඉන්ධන හිඟයකට මුහුණදීමට රටට සිදුවන බව සංස්ථා නිලධාරීහු කියා සිටිති.

ශිරාන් රණසිංහ, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment