අවුරුදු 25ට වැඩි 25%ක් ආඝාත(ස්ට්‍රෝක්) රෝගීන් වීමේ අවදානමක්

616

විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර

වයස අවුරුැදු 25 ට වැඩි සෑම 04 දෙනකුගෙන් එක් අයකුම ආඝාත රෝගියකු වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා ආඝාත සංගමයේ සභාපති ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතා පවසයි.

ආඝාත තත්ත්තවය එක් වරක් වැළඳුනහොත් ඉන් සියයට 25 කටම යළි වැළඳීමේ හැකියාව පවතින බව ද ඊයේ (25 දා) පැවැති මාධ්‍ය හමුවකදී ගුණසේකර මහතා පැවසීය.

ලංකාවේ ආඝාත රෝගීන් ලක්ෂ දෙකක් පමණ සිටින බවත්, වයස අවුරුදු 35 ට වැඩි සියලු දෙනා සුවදිවි සායන වෙත ගොස් පරීක්ෂාවන් සිදුකර ගත යුතු බවත් ඒ මහතා කීය. රට පුරා ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආයතනවල මේ සායන ක්‍රියාත්මක වන බව ද හෙතෙම කීය. රෝග ලක්ෂණ ලෙස මුහුණේ එක් පසක ඇදවීම, වචන පැටලීම, අතක, පාදයක පණ නැති වන ආකාරයක් දැනීම පෙන්වාදිය හැකි බවත් ඒ මහතා කීය.

මෙවැනි රෝග ලක්ෂණ මතුවුවහොත් ගොඩ බෙහෙත් නොකොට රෝහල් සමග කටයුතු කිරීම සුදුසු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා, ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment