විදුලි බිලට එරෙහි පෙත්සම් දෙක සලකා බැලීම අප්‍රියෙල් 5දා

95

ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය වසරේ අවස්ථා දෙකකදී විදුලි බිල් ගාස්තු ඉහළ දමා තිබියදීත් පසුගිය ඔක්තෝබර් මාසයේ දී සියයට 18කින් යළි විදුලි බිල් ගාස්තු ඉහළ දැමීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය, එහි ජාතික ලේකම් සංජීව ධම්මික මහතා සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක සලකා බැලීම සඳහා ලබන අප්‍රේල් 5 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (16දා) නියෝග කළේය.

එම පෙත්සම කුමුදුනි වික්‍රමසිංහ හා මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. සති තුනක කාලයක් ඇතුළත එම පෙත්සම සම්බන්ධයෙන් යම් විරෝධතාවක් ඇති නම් ලිඛිතව තම අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා හා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වවලට විනිසුරු මඬුල්ල නියෝග කළේය. එකී මූලික විරෝධතා ලැබීමෙන් සතියකට පසුව ප්‍රතිවිරෝධතා ඇතිනම් තම අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට ද විනිසුරු මඬුල්ල පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළේය. නීතිඥ උපාලි රත්නායක මහතාගේ උපදෙස් පරිදි පෙත්සම්කරුම ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment