සෞඛ්‍ය සේවකයන්ට ‘ඩැට්’ දෙන්න ජනපති එකඟ වුණා – මුරුත්තෙට්ටුවේ හිමි

86

සෞඛ්‍ය සේවකයන්ට ‘ඩැට්’ දීමනාව ඇතුළු දීමනා ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පළ කළ බව රාජ්‍ය සේවා, හෙද සංගමයේ සභාපති, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ‘දිවයින’ ට ඊයේ (16දා) ප්‍රකාශ කළහ.

මෙම දීමනාවන් ලාබාදෙන ආකාරය සම්බන්ධයෙන් ලබන 19 දා සාකච්ඡාවක් පැවැත්වෙන බවත්, ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ පැවසූහ.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ‘ඩැට්’ දීමනාව ඉල්ලා සිය සංගමය වෘත්තීය ක්‍රියාවන්හි නිරත නොවුණත්, සමස්ත සෞඛ්‍ය සේවකයන් සඳහා අදාළ දීමනාවන් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සැකසීමට නිලධාරීන්ට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදීම පිළිබඳව සතුටට පත්වන බවද උන්වහන්සේ පැවසූහ.

‘ජනාධිපතිවරයාගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. සමන් ඒකනායක ජනාධිපති ලේකම්වරයා සහ සෞඛ්‍ය ලේකම්වරයා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළා. අපි ‘ඩැට්’ දීමනාව 20,000ක් වත් ලබාදෙන ලෙස ඉල්ලුවා. නිල ඇඳුම් දීමනාවත් 25,000 ක් ඉල්ලා සිටියා. එය ලැබෙයි. අතිකාල ගැනත් කතා කළා. සෞඛ්‍ය සේවකයන්ට ලබාදිය හැකි සියලු දීමනාවන් වැඩිකර දෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා යැයි ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment