හදිසියේ හඳුනාගත් යුවළ ගුරුවරියට යෝගට් දී සිහිනැති කර රන් ආභරණ සුද්ද කරලා

1031

මාතලේ සිට මහනුවර පැමිණි ගුරුවරියකට හදිසියේ දැන හැදිනගත් යුවළක් විසින් දෙනු ලැබූ යෝගට් පානයක් ඇය පානය කිරීම නිසා සිහිමුර්ජාවී ඇති අතර රුපියල් ලක්‍ෂ අටක් පමණ වටිනා ඇගේ රන් ආභරණ සියල්ලම රැගෙන එම යුවළ පලාගොස් ඇත.

මෙම සිද්ධියට මුහුණපෑ ගුරුවරිය මහනුවර පොලිසියට පෙරේදා (05දා) කර තිබූ පැමිණිල්ල අනුව ත්‍රිකුණාමලේ සිටින ඇගේ පුතාගේ සුවදුක් බලා ඇය බස්රියෙන් එද්දී හදිසියේම දැන හැදිනගත් පුද්ගලයකු සමග කතාබහ කරමින් දැඩි හිතවත්කමක් ගොඩනගාගෙන ඇත.

මෙම ගුරුවරියට වඩා වයසින් අඩු එම පුද්ගලයා ගුරුවරියට මව මෙන් ගරුසරුව කතාබහ කර තිබේ.

වැඩි හිතවත්කමක් දෙදෙනා අතරේ තිබූ නිසා මෙම පුද්ගලයා ඔහුගේ මව වශයෙන් හඳුන්වාගත් කාන්තාවක සමග දුරකථනයෙන් කතාබහ කිරීමට ද ගුරුවරියට අවස්ථාව ලබාදී තිබේ.

මේ අනුව හදිසියේම හඳුනාගත් මෙම ආගන්තුක පුද්ගලයාට මෙම ගුරුවරිය මාතලේ රත්තොට පිහිටි ඇගේ නිවසට පැමිණීමට ඇරයුම් කර තිබේ.

මෙම ගුරුවරිය දැකබලා ගැනීමට වැඩි කැමැත්තක් දැක්වූ සැකකරුගේ මව යැයි හඳුන්වාගත් කාන්තාව ගුරුවරියට නුවරට පැමිණෙන ලෙස ඇරයුම් කර තිබේ.

කතාබහ කළ පරිදි පසුදා මෙම ගුරුවරිය මහනුවර පැමිණ වැව අද්දර වාඩිවී සිටියදී ආගන්තුක යුවළ එහි පැමිණ ආගිය තොරතුරු කතාබස් කර ඇයට මෙම යෝගට් පානය ලබාදී තිබේ. එහිදී ඇය සිහිමුර්ජාවී තිබේ.

මෙම සිද්ධියෙන් පසු තමා කුරුණෑගල මල්ලවපිටියේ නිවසක සිටි බව කියන ගුරුවරිය එම නිවසේ ජනේලයෙන් පැන මෙසේ පොලිසියට පැමිණි බවද හෙළිකර ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment