මාවුස්සාකැලේ ජල මට්ටමත් පහළට

183


මධ්‍යම කදුකරයට සති කීපයක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණය නිසා ජල විදුලිබලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවතී.
ජාතික ජලවිදුලිබල පද්ධතියට ජලය සපයන මස්කෙළියල මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අද පෙ.වග 09.00 වන විට පිටාර මට්ටමේ සිට අඩි 49 ක් පහත බැස ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පැවසූහ.
ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණයට අයත් ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් හා පොල්පිටිය යන ප්‍රධාන ජලවිදුලිබලාගාර සඳහා ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ ජලාශයෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment