වැල්ලම්පිටිය ඝාතනයට අනුබල දුන් කතක් අත්අඩංගුවට

733

වැල්ලම්පිටිය කිත්තම්පහුව පාර ප්‍රදේශයේ ඉකුත් 28 වැනිදා පුද්ගලයෙකුට වෙඩිතබා සිදුකළ ඝාතනයට අදාළව පොලීසිය විසින් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.වයස අවුරුදු 33ක් වන මෙම සැකකාරිය ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබේ. ඇය මරණකරු සමග සමීප සම්බන්ධතාවයක් පවත්වා තිබූ බව හෙළිවී ඇත.ඇය කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියකි.සැකකාරියගෙන් ප්‍රශ්න කිරීමේදී විදේශ රටක සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ අපරාධකරුවෙක් වන පුද්ගලයෙකු සමග දුරකථන මාර්ගයෙන් සම්බන්ධතා පැවැත්වූ බවට හෙළිවී ඇත.තවද ඔහුගේ දැනුම්දීම මත මරණකරු සමග සමීප සම්බන්ධතාවක් පවත්වා මරණකරු සමග කුලී ගමනක් යෑමේ මුවාවෙන් සිද්ධිය වූ ස්ථානය වෙත කැඳවාගෙන පැමිණි තිබේ. පසුව වෙඩික්කරුවන් විසින් වෙඩිතබා ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment