වෙඩි තබා හිමිනම මැරූ තවත් සැකකරුවෙක් දැලේ

50

මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක දී හිමිනමක වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවකු පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (15 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ ජීව අත්බෝම්බයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

පොලොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු 23 හැවිරිදි වියේ පසුවන අයෙකි.

සැකකරු හිමිනම ඝාතනය කිරීම සඳහා විහාරස්ථානයට පැමිණ ඇති අතර මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් රැගත් මෝටර් රථය කඩුවෙල දී ගිනිතබා විනාශ කිරීමට ද සම්බන්ධ වී ඇත.

නිවාසයකින් ලබාගත් මැණික් ගල් තුනක් විකිණීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත පාතාල කල්ලියක් විසින් මෙම හිමිනම වෙඩි තබා ඝාතනය කර තිබිණි.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment