කළුබෝවිල නිවුන් බිළිඳු මරණ දෙක ගැන පොලිස් පරීක්ෂණ

384

කළුබෝවිල ශික්ෂණ රෝහලේදී උපත ලැබූ නිවුන් බිළිඳුන් දෙදෙනෙකු දින දහ හතරක් ඇතුලත සැක කටයුතු ලෙස අවස්ථා දෙකකදී මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් රෝහල් පාලනාධිකාරියට එරෙහිව පැමිණිලි කර ඇතැයි පොලිසිය පවසයි.

මෙම දරු දෙදෙනා ඉකුත් 19 සහ 23 දෙදින අවස්ථා දෙකකදී මියගොස් ඇති බවද පොලිසිය කියයි.

පිළියන්දල, හොන්නන්තර, සර්වෝදය මාවත 5වන පටුමගේ, අංක 31/4 නිවසේ පදිංචි අකිලා බොනිපස් හා කලු‍නායක අලවල ආරච්චිගේ හෂාන් දිල්රංග යන දෙපලට මෙම මස 23දා ලැබීමට නියමිතව තිබූ දරු ප්‍රසූතියක් සඳහා එම කාන්තාව ඉකුත් 08දා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබිණි. එහිදී පුතෙකු සහ දියණියක ඉකුත් 09දා උපත ලබා තිබූ අතර එය අඩු බර දරු උපතක් වීම නිසා දරුවන් දෙදෙනා නොමේරු ළදරු ඒකකයට ඇතුලත් කොට සිටියදී ඉකුත් 19 දා පිරිමි දරුවා

මියගොස් ඇති අතර විෂබිජයක් ඇතුල් වීම නිසා මරණය සිදුව ඇති බවට වෛද්‍යවරුන් පළමුව පවසා තිබුණත් පසුව ශ්වසන අපහසුතාවක් නිසා දරුවා මියගිය බවට වෛද්‍යවරුන් පැවසූ බව පැමිණිල්ලේ සඳහන් වේ.

මේ අතර ඉතිරි ගැහැණු දරුවාද නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබූ බවත් (23) දා උදෑසන කිරි දීම සඳහා නොමේරු ළදරු ඒකකයට ගිය අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලය විසින් දරුවා මියගිය බව දන්වා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
පින්සිරි ආරියරත්න – රත්මලාන

මව සහ පියා

advertistmentadvertistment
advertistmentadvertistment