කොටි ස්මාරකයකට කැනඩාවෙන් උල්පන්දම්

187

ඩොලර් මිලියන 10ක් වැය කරමින් කැනඩ රජය කැනඩාවේ ටොරොන්ටෝහි බ්‍රැම්ප්ටන් නගරයේ කොටි ත්‍රස්තයන් සැමරීමේ ස්මාරකයක් ඉදිකිරීම ආරම්භ කර ඇත.

ඒ සඳහා අගමැති ජයටින් ටෲඩෝ සහ බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් අනුමැතිය දී තිබේ.

ත්‍රස්ත සංවිධානයක් වෙනුවෙන් ස්මාරකයක් ඉදිකරන ලොව ප්‍රථම ස්මාරකය මෙයයි. ශ්‍රී ලංකා හමුදාව 146000ක් දමිළ ජනතාව සමූලඝාතනය කළ බවට කැනඩා කොටි ඩයස්පෝරාව කැනඩා රජයට සැපයූ අසත්‍ය තොරතුරුවලට මුවාවී මෙම ස්මාරකය ඉදිකිරීමට තීරණය වී තිබේ. එහෙත් මියගිය දමිළයන් කවුදැයි එම ස්මාරකයේ සඳහන් කිරීමට කැනඩා රජයට නොහැකිවී ඇත. මෙම ත්‍රස්ත ස්මාරකය ගැන කැනඩාවේ කිසිදු මන්ත්‍රීවරයකු විරෝධය පා නැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment