ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ජාතික ආණ්ඩුවක්

571

අපේ වර්තමාන ආර්ථික කඩාවැටීම දෙවන වසර ආර්ථික විද්‍යා සිසුවකු විසින් වුවද පුරෝකථනය කළ හැකිය. නමුත් අප සමාජයේ බොහෝ පුද්ගලයින් සහ දැන උගත් කමකින් යුත් අයද අප මෙම අර්බුදය ඇති වූයේ කෙසේදැයි පැහැදිලිව නොදනී. ඉතා පැහැදිලි කරුණක් වන්නේ පසුගිය දශක හතක කාලය තුල අපේ ආර්ථිකය පාලනය කළ සියල්ලන්ම එය කිසි ලෙසකින්වත් අවබෝධ කරගෙන නොමැති බවයි.

මෙම ගැටලුරෑව ඉතාමත් සරලය. ඔබ ණයක් ගතහොත් එය වැය කලයුතු වන්නේ නියමිත කාලයේ ආපසු ගෙවීම සඳහා ප්‍රමාණවත් ආදායමක් ජනනය කළහැකි ව්‍යාපෘති වලට පමණි. ඔබ එසේ කරනැති බව ණය හිමියන් දැනගත් විට, ඔවුන් තවදුරටත් ණය දෙන්නේ නැත. ශ්‍රී ලංකාවේ ණය හිමියෝ 2018 අගභාගය වනවිට අපේ ණය ආපසුගෙවීම සඳහා අවශ්‍ය අපනයන ආදායම රටතුල ජනනය නොවන බව දැන සිටියහ. පසුව 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මගින් අපට ඩොලර් උත්පාදනය කරන සංචාරක කර්මාන්තය සහ ජාතික ආර්ථික වර්ධනයද විශාල වශයෙන් අඩාල කරනු ලැබිණ. මීට අමතරව, 2019 බලයට පත්වූ රජය ආර්ථික වර්ධනය සඳහා බලපාන සංරෝධකයන් වන දුර්වල ආයෝජන පරිසරය, ඉහල අයවැය හිඟය, තාක්ෂණික පසුබටතාවය, ශ්‍රම හිඟකම සහ ආසියාවේ ඉහළම විදුලි ගාස්තු වැනි සාධකයන් කෙරෙහි අවධානය යොමුකරනු වෙනුවට රජයේ බදු අඩුකරනු ලැබිණ. එමගින් අපේක්ෂිත ආර්ථික වර්ධනය වෙනුවට රජයේ ආදායම 25% කින් අඩුවිය. මෙවැනි තීරණ ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම සඳහා බලපාන බැවින් ජාත්‍යන්තර ණය ඇගයීම් ආයතන මගින් ණය ශේණිගත කිරීමේ දර්ශකයෙහි ශ්‍රී ලංකාව පහලට හෙලනු ලැබිණ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට ණය ආපසු ගෙවීම සඳහා වානිජ්‍ය ණය ලබාගැනීමේ ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කළ නොහැකි විය. මේ අවස්ථාව දක්වා, සිදුවිය හැකි අනිසි ප්‍රතිවිපාක ගැන නොසලකා ශ්‍රී ලංකාව ඉතා සන්තෝෂයෙන් ණයක් ගෙවීම සඳහා තවත් ණයක් ගැනීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරනු ලැබිණ.

ඉන් අනතුරුව කොවිඩ් උවදුර මගින් ආර්ථිකයට වැදුනු මරු පහර හේතුකොටගෙන අපේ විදේශ විනිමය ඉපැයුම් (නිර්යාත, සංචාරක කර්මාන්තය සහ ප්‍රේෂණ ලැබීම්) තවදුරටත් අඩාල විය. මෙම අවස්ථාවේදී පවත්නා අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සහ ණය ආපසු ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් ජනනය කිරීම වෙනුවට, රජය

මගින් ව්‍යාජ ලෙස පෙන්වුයේ ඩොලර් මිලදී ගැනීම සඳහා අර්බුදයට පෙර තිබූ රුපියල් ප්‍රමාණයට සමාන රුපියල් ප්‍රමාණයක් තිබිය යුතු බවයි. මෙම රැවටිලි ක්‍රියාමාර්ගයේ ප්‍රතිවිපාකය වූයේ ණය ගෙවීමට සහ අත්‍යවශ්‍ය ආයාත සඳහා උවමනා විදේශ සංචිත විශාල වශයෙන් හිඟ වීමයි.

මෙම අවාසනාවන්ත තත්වය වඩාත් නරක අතට හැරුනේ විෂය ගැන මනා දැනුමක් ඇති උගතුන්ගේ උපදෙස් නොසලකා 2021 මැද භාගයේදී අවශ්‍ය කෘෂි රසායන ආයාත තහනම් කිරීමට ගත් තීරණයි. මීට පෙර කොවිඩ් උවදුර මගින් ව්‍යාපාරික ආයතන විනාශ වූ විට බොහෝ ශ්‍රමිකයෝ යැපුම් මාර්ගයක් ලෙස කෘෂිකර්මයට යොමු වූහ. එහෙත් රජයේ නව පොහොර ප්‍රතිපත්තිය හේතුකොටගෙන මෙම ආරක්ෂණය ද නැතිවූ අතර ආහාර වියදම තවදුරටත් ඉහල ගියේය. මහ කන්නයේ අස්වැන්න පහත වැටී වසර අග මිල ඉහළ යාමත් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා හිතවත් රටවලින් ණය

ලබාගැනීම සඳහා රජය මගින් විශාල ප්‍රයත්නයක් දරනු ලැබිණ. කොවිඩ් උවදුර සහ වැරදි ප්‍රතිපත්ති තීරණ හේතුකොටගෙන විශාල පීඩාවකට පත්වූ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා නොකඩවා සැපයීම සඳහා ණය ප්‍රතිව්‍යුහ ගතකරන ලෙස බොහෝ ආර්ථික විද්‍යාඥයින් විසින් දෙනු ලැබූ උපදෙස් වලට එරෙහිව 2022 ජනවාරි මාසයේ ණය ආපසු ගෙවීමට රජය ගත් තීරණය නිසා අපේ විදේශ සංචිත තවදුරටත් හීන විය. මෙම ණය ආපසු ගෙවීම නිසා කිරිපිටි, ගෑස්, ඩීසල්, බෙහෙත් සහ උපකරණ ආයාතය සඳහා වැය කලහැකි විදේශ විනිමය ඉතාමත් සීමිත විය. ආයාතය සඳහා අවශ්‍ය ඩොලර් නොමැති වීම නිසා වානිජ බැංකුවලට ණයවර ලිපි නිකුත් කල නොහැකි විය.

මෙම ආර්ථික අර්බුදය නිසා ඇතිවූ දරුණු සමාජ සහ ආර්ථික ප්‍රතිවිපාකයන් අප විසින් දැනටමත් අත්විදිමින් පවතී. කුටුම්භ ආදායම විශාල වශයෙන් අඩුවී, පරිභෝජන මට්ටම අඩුවී, මන්ද පෝෂණය වැඩි වී, දුගී බව තවදුරටත් උත්සන්න වී ඇත. ශ්‍රමිකයින්ට ඵලදායී කටයුතු වල නියුක්ත වීම වෙනුවට අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පෝලිම් වල කාලය ගත කිරීමට සිදුව ඇත. කොවිඩ් කාලයේ ඉගෙනුම අහිමි වූ දරුවන්ට පාසැල් යා හැකි වූයේ පෝලිම්වල සිට පෙට්‍රල් සහ ඩීසල් ලබාගැනීමෙන් පසුවය. දරුවන්ට ඉගෙන ගැනීරෑමේ අවස්ථාව අහිමි වූ විට ඔවුන්ගේ අනාගතයට මෙන්ම වැඩිහිටියන්ගේ අනාගතයටද බලපායි.

මේ මහා විනාශයෙන් අත් මිදීම සඳහා කුමක් කල යුතු ද? මුලින්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය වේ. එමගින් ලබන ජූලි මාසයේ ගෙවීමට නියමිත ඩොලර් බිලියනයක මුදල කල්දැමිය හැක. අපේ ණය හිමියන් එවැනි ක්‍රියාවකට කැමති වන්නේ ණය ආපසු ගෙවීමට හේතුපාදක වන ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳ විශ්වාසය ගොඩනැංවුවහොත් පමණි. මෙම දුර්භාග්‍ය ආර්ථික තත්වය නිර්මාණය කල පාලකයන් තවදුරටත් රට පාලනයේ සිටීනම් ණය හිමියන් අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට එකඟ නොවනු ඇත. ඊට අමතරව අපේ දුර්වල ආර්ථික කළමනාකරණය පිළිබඳ සාක්ෂි ඉතා පැහැදිලි නිසා, අපි අපේ ක්‍රමය වෙනස් කරනවා යැයි කීවද ණය හිමි කරුවෝ එය විශ්වාස නොකරති.

මෙහිදී ආර්ථිකය වර්ධනය කිරීමට සහ ණය ආපසු ගෙවීම සඳහා විදේශ විනිමය ජනනය කිරීමටරෑ ඇති හැකියාව පිළිබඳ ණය හිමියන් අතර විශ්වාසයක් ඇති කිරීම ඉතා වැදගත් වේ. ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමති වන්නේ, අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සංශෝධනය සඳහා ගිවිසුමක් අත්සන් කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇපකරුවකු ලෙස යොදාගතහොත් පමණි. මෙම ක්‍රියාමාර්ගයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් විශ්වාසය ගොඩනැගීම සඳහා මුල් ගෙවීමක් ලෙස රුපියල අවප්‍රමාණය කිරීම, රජයේ ආදායම වැඩිකිරීම, වියදම් අඩු කිරීම සහ පොලී අනුපාත වැඩි කිරීම වැනි ප්‍රධාන ස්ථායිතා ක්‍රියාමාර්ගයන් පටන් ගන්නා ලෙස අපෙන් ඉල්ලා සිටිය හැක. අප විසින් ආර්ථික ප්‍රතිශෝධනයන්හි අවශ්‍යතාවය මැනවින් අවබෝධ කරගෙන ඒ සඳහා කැපවී ඇති බව සහ අවශ්‍ය ගැලපුම් සිදුකිරීමට සූදානම් බව මූල්‍ය අරමුදලට පෙන්නුම් කල යුතුය. ඉන් අනතුරුව, මූල්‍ය අරමුදල විසින් ව්‍යුහාත්මක ගැලපුම් තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගෙවුම් ශේෂ ආධාර කොටස් වශයෙන් නිකුත් කලහැක. මුදලේ අවප්‍රමාණය මගින් විනිමය අනුපාත ගැලපුම් යටතේ රුපියරෑලේ සත්‍ය වටිනාකම පෙන්නුම් කරන විට ලාබදායකත්වය වැඩි වී නිර්යාත දිරිගැන්වේ. මෙය අපේ ගෙවුම් ශේෂ හා සම්බන්ධ වාසිදායක තුලනයකට හේතු වේ. එමගින් අපේ ආයාත සඳහා වැය කල මුදල් නිර්යාත වැඩිකිරීම සඳහා වැයකල හැක. එමෙන්ම, විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන් සමාගම වැනි විශාල වශයෙන් ඩොලර් ගිල දමන ආකාර්යක්ෂම රාජ්‍ය ආයතන වල නාස්තිකාර රජයේ වියදම් නතර කිරීමටද සිදුවිය හැක. වර්ෂ 2019 දී ධනවතුන්ගේ ප්‍රතිලාභය සඳහා ප්‍රදානය කරන ලද දුර්භාග්‍ය සම්පන්න බදු සහන ඉවත් කර රජයේ ආදායම වැඩි කිරීමට ද සිදුවේ.

මෙවැනි ආකාරයේ ගැලපුම් “ස්ථායීකරණය” ලෙස හදුන්වනු ලබන අතර එය ඉතා වේදනාකාරී වේ. එහෙත් මෙම “ස්වයං නිර්මිත ආර්ථික අගාධයෙන්” ගොඩඒම සඳහා ඇති ඒකායන මාර්ගය මෙයයි. අප ස්ථායීකරණයට යොමුනොවන්නේ නම් තත්වය තවදුරටත් නරක අතට හැරේ. එමෙන්ම දුගී ජනතාවට උදව් කිරීම සඳහා අවශ්‍ය සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් ද අප විසින් නිර්මාණය කල යුතු වේ. හිතවත් රටවල් සහ ජාත්‍යන්තර ආයතන මගින් පොදු ජනතාවරෑගේ දුෂ්කරතාවයන් සමනය කිරීමට අවශ්‍ය ආහාර පාන, බෙහෙත් සහ අනිකුත් ආධාර සැපයිය හැකි අතර එම සහනයන් ලබා ගැනීමට අප විසින් උත්සාහ කල යුතුය.

මූලික ස්ථායීකරණයෙන් පසුව, ව්‍යුහාත්මක ගැලපුම් කාල පරිජේදයක් තිබිය හැක. මෙය හුදෙක්ම ස්ථායීකරණ නිර්දේශයන් තවදුරටත් පවත්වා ගැනීම සාක්ෂාත්

කරගැනීමයි. ව්‍යුහාත්මක ගැලපුම් යටතේ ආර්ථික වර්ධනය සඳහා බලපාන ව්‍යුහාත්මක සංරෝධකයන් ඉවත් කිරීමට අදාල ප්‍රතිපත්ති සංශෝධනයන් අයත් වේ. එමගින් ආර්ථික වර්ධනයට අවශ්‍ය ශක්තිය ලබාදෙන අතර වැදගත් රැකියාවන් ජනනය කරනු ලබයි. මේ මගින් ශ්‍රම පුහුණුව, ඩිජිටල්කරණය, උසස් තාක්ෂණය යොදා ගැනීම සහ විදේශ ආයෝජන ආකර්ශනය හරහා නිර්යාත විවිධාංගකරණය සහ ආර්ථික වර්ධනය ඇතිවේ. මෙහිදී ප්‍රතිපත්ති සංශෝධනයන් ඉලක්ක කරනු ලබන්නේ අනිකුත් නිෂ්පාදකයන් සමඟ තරග කිරීමේ විභවතාව ඇති, කඩිනම් වර්ධනයක් පෙන්නුම් කල හැකි ඉහල ඵලදායීතා අංශයන් වෙතය.

ව්‍යුහාත්මක ගැලපුම් කළමනාකරණය සඳහා මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව වැනි රාජ්‍ය ආයතන වලට විශේෂඥ දැනුමෙන් යුත් කණ්ඩායමක් අවශ්‍ය වේ. ඔවුන්ට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලෙහි විශ්වසනීයත්වය තිබිය යුතුය. ඔවුන් තෝරාගත යුත්තේ විෂය ප්‍රවීනත්වය සහ අවිවාදාත්මක අවංකභාවය පදනම් කරගෙන මිස දේශපාලන කරුණු මත නොවේ. මෙම විශේෂඥ කණ්ඩායම තීරණ ගතයුතු වන්නේ සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත සඳහා මිස පාලක පක්ෂයට ඊළඟ මැතිවරණයෙන් ජයගැනීම සඳහා නොවේ. ජනතාවගේ වියදමෙන් බලයේ සිටින පක්ෂයේ ඥාතීන්, යහලුරෑවන් සහ ව්‍යාපාරික ගජමිතුරන්ගේ යහපත සඳහා නොවේ.

මෙම විශේෂඥ කණ්ඩායමට උදව්කිරීම සඳහා ආර්ථික විද්‍යා විෂය පිළිබඳ මනා පුහුණුවක් ඇති උපදේශකයින් කණ්ඩායමක් ද අවශ්‍ය වේ. මෙහිදී ශ්‍රී ලංකාවට උදව් කල හැකි ජාත්‍යන්තර ආයතන වල සහ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලවල සේවය කරන කීර්තිමත් ශ්‍රී ලාංකික ආර්ථික විද්‍යාඥයින් කිහිප දෙනෙක් සිටින බවද සඳහන් කල යුතුය.

මෙම ආර්ථික ආගාධයෙන් ගොඩ ඒමට දේශපාලන ක්ෂේත්‍රයේ නිපුනත්වයක් සහ නායකත්වයක් දිය හැකි ආණ්ඩුවක් අවශ්‍යය. එම ජාතික ආණ්ඩුව වසර දෙකකින් හෝ තුනකින් පසුව ප්‍රජාත්‍රන්ත්‍රවාදී රාමුවක් තුල රජයක් පත්වන තෙක් ව්‍යුහාත්මක ගැලපුම් සහ ප්‍රතිපත්ති සංශෝධන කළමනාකරණය කල යුතුවේ. මේ සඳහා ක්‍රමික සංක්‍රාම කාලයක් අත්‍යවශ්‍යය. ජනාධිපතිතුමා පියවර කිහිපයක් පස්සට ගොස් තමාගේ බලය පාවිච්චි කර රටේ අනාගතය ආරක්ෂා කලහැකි රජයක් පත්කල යුතුවේ.

“ශ්‍රී ලාංකිකයන් විසින් පැලය රෝපනය කිරීමටත් පෙර ගෙඩිය කා දමා ඇත” යනුවෙන් 1950 ගනන් වල කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝන් රොබින්සන් විසින් ප්‍රකාශ කලා යයි විශ්වාස කරනු ලැබේ. සත්‍ය වශයෙන්ම අප විසින් කරනු ලැබ ඇත්තේ, දුප්පත් රටක් වශයෙන් සිටි කාලයේදී ලැබුනු මූල්‍ය සහන හරහා අනිකුත් රටවල සම්පත් මත ජීවත් වීමකි. ඉන් අනතුරුව, මධ්‍යම ආදායම් රටක් බවට පත්වූ විට අපේ දරුවන්ගෙන් ණය ලබාගෙන ජීවත් වීමයි.

මේ අතර විෂ සහිත දේශපාලන ක්‍රමය සහ දේශපාලනීකරණය වූ රාජ්‍ය ආයතන මගින් දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින්ට ඵලදාවෙන් වැඩි කොටසක් ඩැහැගැනීමට ඉඩදී ඉතා සුලුරෑ ප්‍රතිශතයක් පොදු මහජනතාවට සහ ඵලදායී නොවන සංක්‍රාම ගෙවීම් ලෙස බෙදා දෙනු ලැබිණ.

මෙය වහාම නතරකල යුතුය. ශ්‍රී ලංකාව නැමැති ගස හොඳින් වර්ධනය කරන ලෙසට අප විසින් ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් බලකර ඉල්ලා සිටිය යුතුය. එම ගස පෝෂණය කිරීම සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේම වගකීමකි. එම ගස විනාශ නොකර ගෙඩි ඵල දරන කාලය දක්වා ඉවසිල්ලෙන් බලා සිටීමෙන් පසුව පමණක් ඵලදාව ලබාගත යුතුය.

අපේ ජීවිතයේ සන්ධ්‍යා සමයේ පරිභෝජනයටත්, අප දරු මුණුබුරන් සමඟ බෙදාගැනීමටත් අවශ්‍ය ගෙඩි ඵලදාව සහතික කිරීම සඳහා ඉතිරිව ඇති අවසාන අවස්ථාව මෙයයි.

රමනි ගුණතිලක
සුනිල් චන්ද්‍රසිරි

advertistmentadvertistment
advertistmentadvertistment