වසර 4 ක් ගිය පසු අනුප්‍රාප්තික ජනපතිට ජනාධිපතිවරණයක් කැඳවන්න බැහැ

183

අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට වසර 04 ක් ගිය පසුව ජනාධිපතිවරණයක් කැඳවීමට නොහැකි බවත්, එසේ කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක යෝජනාවක් සම්මත විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (17 දා) පැවසීය.

පවතින නීතිය යටතේ ජනාධිපතිවරණයක් ලැබෙන්නේ 2024 සැප්තැම්බර් 18 වැනිදා සිට ඔක්තෝබර් 18 වැනිදා යන කාල පරාසය තුළ බව ද නිදහස් සන්ධාන කාර්යාලයේ ඊයේ (17 දා) පැවති මාධ්‍ය හමුවකදී ජී. එල්. පීරිස් මහතා පැවසීය.

පටු දේශපාලන වාසි අනුව ව්‍යවස්ථාව වෙනස් කිරීමට බලයක් නැති බවත්, එසේ කරනවා නම් ඊට මහජන අනුමැතියක් ලබාගත යුතු බවත් පැවසූ ඒ මහතා ඒකාධිපති පාලනයක් ගෙන යන මෙම ආණ්ඩුව මහජන ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කර ඇති බව ද කීවේය.

යෝජිත ප්‍රතිත්‍රස්ත පනතින් මාධ්‍ය නිදහස නැති වී යන බවත් IMF සමග පැවැත්වූ සාකච්ඡා හා යෝජනාවල කිසිදු විනිවිද භාවයක් නැති බවත් පීරිස් මහතා පැවසීය. IMF ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් එම ගිවිසුමේ සිංහල හා දෙමළ පරිවර්තනයක් මෙතෙක් සිදු වී නැති බව ද IMF ගිවිසුමට නිදහස් සභාව නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙක් සහාය නොදක්වන බව ද ජී. එල්. පීරිස් මහතා කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment