කෝටි 600 මාස තුනකින් මත්පැන් නිෂ්පාදකයෝ එකඟ වෙති

1163

රජයට රුපියල් කෝටි 600 ක් පමණ බදු ගෙවීම ප්‍රමාද කරමින් සිටි මත්පැන් නිෂ්පාදිත සමාගම් එම බදු මාස තුනක් ඇතුළත ගෙවා නිම කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවට එකඟ වී ඇත.

මෙරට මත්පැන් නිෂ්පාදන ආයතන 07 ක් මෙම බදු ගෙවීම ප්‍රමාද කරමින් තිබූ අතර මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාද හිඟ බදු දින 14 ක් ඇතුළත ගෙවන ලෙස දැනුම්දී තිබුණි. මේ සම්බන්ධයෙන් සුරාබදු කොමාසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ අදාළ සමාගම් හිඟ බදු ගෙවීම සිදුකරන බවත්, බදු මුදල් ගෙවා නිමකිරීම සඳහා මාස තුනක කාලයක් ඉල්ලා එම කාලය තුළ ගෙවන ආකාරය පිළිබඳ සැලැස්මක් ලබාදී තිබෙන බවත්ය. මත්පැන් මිල ඉහළ යෑමත් සමඟ මත්පැන් අලෙවියද අඩුවී ඇති බවත්, ඒ අනුව මේ වසරේ අපේක්‍ෂා කර තිබෙන බදු ආදායම ලබාගැනීම අභියෝගයක් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment