දෙහිවල සිංහයෙකුටත් කොවිඩ්

296

සමන්තී වීරසේකර

අප මෙතෙක් අසා තිබුණේ සතුන්ගෙන් මිනිසාට බෝවන රෝග පිළිබඳවය. අද අප අසන්නේ මිනිසාගෙන් සතුන්ට බෝ වී ඇති කොවිඞ් 19 වෛරසය ගැනය. මෙයට පෙර ඇමරිකාවේ සත්වෝද්‍යානයක සිංහයකු මියගිය අවස්ථාවේ ඇමරිකාව කියා සිටියේ සත්වෝද්‍යානයේ කම්කරුවන්ගෙන් සිංහයාට කොවිඞ් වැළඳී තිබූ බවය. දැන් එය ශී‍්‍ර ලංකාවේද සිදුව ඇති බවට පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ.

 මේ වන විට දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයාට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගනු ලැබ තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පශු මූලික විද්‍යා අංශයේ, අණුක ජීව විද්‍යා පෝෂණ හා ජෛව විද්‍යා රසායනාගාරයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඩිලාන් ඒ සතරසිංහ මහතාය.

දෙහිවල සිංහයෙකුටත් කොවිඩ්

සිංහයාට ස්වසන ආබාධ ඇතිව තිබෙන බවට ඉකුත් දහසය වැනි දින දැනුම් දීමත් සමගම අදාළ පටක කොටස් ලබා ගැනීම සත්ත්වයින්ට විශේෂ වූ ක‍්‍රමවේදයක් යටතේ ලබාගෙන තිබිණි. මිනිසුන්ගේ කොවිඞ් පරීක්ෂණ සිදු කරන පීසීආර් තාක්ෂණික ක‍්‍රමවේදයම වුවත් සත්ත්වයින්ගේ සාම්පල ලබා ගැනීම සඳහා මෙය භාවිත කරනු ලබන්නේ වෙනස් ආකාරයකටය.

සතුන් හා මිනිසුන් අතර හුවමාරු වන සාස් ලයික් වෛරස් කාණ්ඩයේ එක් කොටසක් වන කොවිඞ් 19 වෛරසය සිංහයාට ආසාදනය වී ඇත්ද යන්න පර්යේෂණ සිදු කෙරුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදීය. පර්යේෂණ මගින් තහවුරුව තිබුණේ සිංහයා කොවිඞ් 19 ආසාදිත බවය.

 මේ සම්බන්ධයෙන් ආචාර්ය ඩිලාන් මහතා කියා සිටියේ මෙවැන්නකි.

 සිංහයාගේ ආරක්ෂාව වෙනුවෙන් සත්වෝද්‍යානයේ වෛද්‍යවරු ඇතුළු සමස්ත නිලධාරි මඩුල්ලම කැපවීමෙන් කටයුතු කරනවා. මේ වන විට තවත් වඳුරු විශේෂයක් වෙනුවෙන් අවධානය යොමුව තිබෙනවා. මේ වන විට අප වඳුරාටත් කොවිඩි ආසාදනය වී ඇත්ද යන්න සොයා බලමින් සිටිනවා. ඊට අදාළ පර්යේෂණ දැන් සිදු කෙරෙනවා.

 මම පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ පර්යේෂණ සිදුකරන්නේ. මේවනතුරු මාවෙත මියගිය සතෙකු ගැන දැනුම් දීමක් කළේ නැහැ. එවැනි සිදුවීමක් සිදුව තිබුණේ නම් දෙහිවල සත්වෝද්‍යානයේ පරිපාලනය මා වෙත ඒ බව දැනුම් දෙන බව නම් පැහැදිලියි. මෙම කටයුතු සිදුකරගෙන යෑම සඳහා සත්ත්ව නිෂ්පාදන හා පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නොමද සහාය අපට ලැබී තිබෙනවා.

 සතකු මා පෙර කී සාස් ලයික් කාණ්ඩයේ වෛරසයක් ආසාදනය වී ඇත්ද යන්න පර්යේෂණ කිරීම සඳහා පර්යේෂණ ලංකාවේ මේවනතුරුම සිදු කෙරුණා. විශේෂයෙන්ම ගුවන් තොටුපළේ සාමාන්‍යයෙන් සතුන් ලංකාවට ගෙන්වා ගැනීමේදී නිරන්තරයෙන් මෙම පර්යේෂණවලට නතු කරනවා. ඇත්තෙන්ම ගුවන්තොටුපළේ සත්ත්ව නිරෝධායන මධ්‍යස්ථානයක් පවා පිහිටවලා තිබෙනවා. මෙම පර්යේෂණ සිදු කරීම සඳහා අපට ලංකාවට පහසුකම් ලබා දුන්නේ හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් පීරිස් මහත්මයා. ඔහුගේ දායකත්වය නිසා තමයි අපට කඩිනමින් දෙහිවල සිංහයා ගැන කඩිනමින්ම නිශ්චිත තහවුරු
 කරගැනීමකට ආ හැකි වූයේ.

 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක පීඨාධිපති ආචාර්ය වෛද්‍ය මධුර මුණසිංහ යන මහත්වරු ඇතුළු සියලූ දෙනා මෙම පර්යේෂණ සඳහා පූර්ණ දායකත්වය සහ අවසරය ලබා දී තිබීම මත මෙම කාර්යයන් පහසුවෙන් කර ගත හැකි වූවා. ඉදිරියටත් අපි සෑම සතෙකු පිළිබඳවම විමසිල්ලෙන් සිටින්නේ. මිනිසාගෙන් සත්ත්වයින් ට බෝවන කොවිඞ් 19 බළල් කුලයේ සත්ත්වයින්ට බෝවීමේ වැඩි ප‍්‍රවණතාවයක් මේවන විට දක්නට ලැබෙනවා. බල්ලාට බෝවීම තරමක් පසුගාමී බව දැනට කිව හැකියි. ” ආචාර්ය ඩිලාන් මහතා කීය.

 මේ වනවිට කොවිඞ් 19 වෛරසය ආසාදනය වීම බලපාන අන්දම පිළිබඳව අදාළ පර්යේෂක කණ්ඩායම අනතුරු අ`ගවා තිබේ. ඒ අනුව වෛරසය ආසාදනය වීමේ අධි අවදානම් සත්ත්වයින් අතර ප‍්‍රමුඛත්වයේ සිටින්නේ මිනිසා, චිම්පන්සියා, ගෝරිල්ලා ය. අවදානම් මට්ටමේ සිටින්නේ මුවා මීකුලයේ සතුන් ( විශේෂයෙන් Chinese hamster) සහ ඩොල්ෆින්ය. මධ්‍ය අවදානම් සහිත සත්ත්වයින් වන්නේ සයිබීරියන් කොටි වර්ගය, බැටළුවා, බළලා, සහ එළදෙනය. වෛරසය ආසාදනය වීමේ අඩු අවදානම් ඇත්තේ ඌරා, අශ්වයා, බල්ලා සහ අප‍්‍රිකානු අලියාය. අවදානම අවම මට්ටමේ ඇත්තේ, කැලිෆෝනියානු මුහුදු සිංහයා සාමාන්‍ය නිවෙස්වල වෙසෙන මීයා, ඇමරිකානු කපුටන් සහ ඇමරිකානු කිඹුලන්ය.

 ලෝකයේ වෙනත් රටවල සත්වෝද්‍යානවල සිංහයින් ඇතුළු ක්ෂිරපායි සතුන්ට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇති බව දැනගත් විට අපි විමතියට පත්වීමු. අපේ රට එවන් බියකරු අවස්ථාවකට පත් නොවීම පිළිබඳව උදම් උනෙමු. නමුත් දැන් උදම් වීම පසෙකලා පුදුම වෙමින් බිය විය යුතු අවස්ථාවක් දක්වා දැන් ගමන් ගෙන තිබේ. ඊට හේතුව බළල් කුලයේ සත්වයින් හට මිනිසුන්ගෙන් කොවිඞ් ආසාදනය වීමේ හැකියාවක් ඇති බවටත්, එම තත්ත්වය ලංකාව තුළ උද්ගතව ඇති වී බවටත් පශු වෛද්‍ය පර්යේෂකයන් තහවුරු කර තිබීමය.

 මෙහි සෝචනීයම අවස්ථාව මිනිසාගෙන් රෝගය සත්වයාට බෝවීමය. කුරුළු උණ ඇතුළු වෙනත් රෝග සත්ත්වයින්ගෙන් මිනිසාට බෝවන සහ බෝවූ සෑම අවස්ථාවකම ඒ ඒ රටවල් සිදු කළේ රෝග සහිත සත්ත්වයින් ඝාතනය කිරීමය. දැන් මිනිසාගෙන් කොවිඞ් වෛරසය බෝවන බවට උරනව සත්ත්වයින් මිනිසුන් දෙස වෛරී චේතනාවකින් සලකනු ලබත්ද ?….

advertistmentadvertistment
advertistmentadvertistment