රාජ්‍ය සේවයේ වියදම් පාලනයට චක්‍රලේඛයක්

182

රාජ්‍ය සේවයේ වියදම් පාලනය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

එම චක්‍රලේඛයට අනුව අතිකාල දීමනා, නිවාඩු දින වැටුප්, වෙනත් දීමනා සහ ගමන් වියදම් සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන සීමාව තුළ පමණක් වියදම් කළ යුතුය. අතිරේක ප්‍රතිපාදන සැලසීමක් සිදුකරනු නොලැබේ.

මාසික අතිකාල ගෙවීම් මූලික වැටුප නොඉක්මවිය යුතුය. දැනට ක්‍රියාත්මක දුම්රිය සහ මාර්ගස්ථ ප්‍රවාහන වාර ප්‍රවේශපත්‍ර සහ චක්‍රලේඛ මගින් ක්‍රියාත්මක කර ඇති ප්‍රවාහන පහසුකම්වලට අමතරව සාමාන්‍ය රාජකාරි සඳහා වෙනත් ප්‍රවාහන පහසුකම් සඳහා රජයේ මුදල් භාවිත කළ නොහැකිය. නිලධාරීන්ට එක් වාහනයක් පමණක් ලබාදිය යුතුය.

මාසික ප්‍රවාහන දීමනා ලබාගන්නා නිලධාරීන් සංචිත වාහන භාවිත නොකළ යුතුය.

විදේශ අධ්‍යයන පුහුණු, සාකච්ඡා සහ සංචාර ආදිය සඳහා සහභාගි විය හැක්කේ විදේශ අනුග්‍රාහක ආයතන විසින් ඒ සඳහා පූර්ණ වියදම දරන්නේ නම් පමණි.

විදේශ අරමුදල් භාවිතයෙන් සිදුකරන ගොඩනැඟිලි ඉදිකිරීම් හැර නව ගොඩනැඟිලි ඉදිකිරීම් ආරම්භ නොකළ යුතුය.

ජාතික උත්සව ලෙස වාර්ෂික ඇස්තමේන්තුවල ප්‍රතිපාදන වෙන් කර ඇති උත්සව හැර අනෙකුත් උත්සව, සුහද හමුවීම්, ප්‍රදර්ශන, ප්‍රිය සම්භාෂණ, විවෘත කිරීම්, සම්මන්ත්‍රණ ආදිය වෙනුවෙන් රජයේ අරමුදල් භාවිත කළ නොහැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment