දසුන්ලා මදි වී විලියම්සන්ලා අයිපීඑල් යති

591

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියෙන් නවසීලන්ත එක්දින සංචිතයේ නිත්‍ය ක්‍රීඩකයින් වන හිටපු නායක කේන් විලියම්සන්, වත්මන් නායක ටිම් සවුති, දඟ පන්දු යවන ක්‍රීඩක මිචෙල් සැන්ට්නර් සහ ආරම්භක පිතිකරු ඩෙවොන් කෝන්වේ ඉවත් වී ඇත.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වීමේ අරමුණෙන් ඔවුහු එසේ ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවත්ව සිටිති.

ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අවසන් වීමෙන් පසු ඔවුහු ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව සිටිති.

ඒ අනුව එක්දින සංචිතයේ නායකත්වය ටොම් ලේතම් හට හිමිව තිබෙන අතර නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම පළමු වරට නවසීලන්ත කණ්ඩායමට කැඳවීමට නවසීලන්ත බලධාරීන් කටයුතු කර තිබේ.

මෙම එක්දින තරගාවලියට නම් කළ ක්‍රීඩකයින් කාණ්ඩ දෙකකට ඇතුළත් වන අතර පළමු කාණ්ඩයේ ක්‍රීඩකයින් පළමු තරගයෙන් පසුව ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට පිටත් වීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී ලංකාව සමග පළමු තරගයෙන් පසුව ෆින් ඇලන්, ලොකී ෆර්ගසන් සහ ග්ලේන් පිලිප්ස් ද ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment