පිල් දිල්ලි දිනවයි

79

පන්දු 45 කින් ලකුණු 87 ක් ලබා ගත් පිල් සෝල්ට් අද රාත්‍රී පැවැති අයිපීඑල් තරගයේදී රෝයල්ස් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක පහසු ජයග්‍රහණයක් කරා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ගෙන ගියේය.
පළමුව පන්දුවට පහර දුන් බැංගලෝර් කණ්ඩායම සිය පන්දු වාර 20 තුළදී කඩුලු 4 ක් දැවී ලකුණු 181 ක් ලබා ගත් අතර දිල්ලි කණ්ඩායම කඩුලු 3ක් දැවී පන්දු 20 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය ලබා ගත්තේ ය.
එහිදී දිල්ලි කණ්ඩායමේ ආරම්භක පිතිකරු පිල් සෝල්ට් ලබා ගත් ලකුණු 87 සඳහා හතරේ පහර 8 ක් සහ හයේ පහර 6 ක් අන්තර්ගත විය.
බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පන්දු වාර හතරක් ක්‍රියාත්මක කරමින් ලකුණු 32 ක් ප්‍රතිවාදීන්ට ලබාදී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment