මත් කුඩු සමග කාන්තාවක් ඇතුළු හතරක් කොටුවෙති

134


රුපියල් ලක්ෂ 40කට වැඩි වටිනාකමක් ඇති හෙරොයින් තොගයක් සමග කුඩු කාන්තාවක් ඇතුළු ගෝලයන් 04ක් අම්බලන්තොටදී අද අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන් සතුව තිබී හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 127ක් හා රුපියල් ලක්ෂ පහකට වැඩි මුදලක්ද (රුපියල් 552,550ක්) සන්තකයේ තිබි අත්අඩංගුවට ගෙන තිබේ.
අම්බලන්තොට නගරය කේන්ද්‍රකර ගනිමින් කලක සිට පවත්වාගෙන යන හෙරොයින් මත් කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාශභාර පොලිස් අධිකාරී වරයාට ලද පුද්ගලික තොරතුරකට අනුව සිදුකළ වැටලිමකදී තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකයේ නිළධාරින් විසින් අද අළුයම අම්බලන්තොටදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අම්බලන්තොට නගරය හා අවට පදිංචි කරුවන් සිව් දෙනෙකු හා ප්‍රධාන ජාවාරම්කාර කාන්තාවකි.

advertistmentadvertistment
advertistmentadvertistment