ආරක්ෂක සහ බලශක්තිය ගැන ඉන්දියාව,ප්‍රංශය සහ අරාබි එමිරේට්ස් රාජ්‍යය සාකච්ඡා

112


ඉන්දියාව,ප්‍රංශය සහ අරාබි එමිරේට්ස් රාජ්‍යය යන රටවල් තුන ආරක්ෂක සහ බලශක්ති අංශයේ සහයෝගීතාවය ඉදිරියට ගෙනයාම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇත.මේ සම්බන්ධව ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයිශන්කර්, ප්‍රංශයේ විදේශ ඇමැති කැත්‍රනී කොලොන්න සහ අරාබි එමිරේට්ස් විදේශ ඇමැති අබ්දුල්ලා බින් සයිඩ් යන මහත්ම මහත්මීහු දුරකථන මාර්ගයෙන් පසුගියදා සාකච්ඡා පවත්වා ඇත. ඒ අනුව ඉන්දීය විදේශ ලේකම් වින්යා මොහාන් ක්වාත්‍රා ප්‍රංශයට ගොස් එරට විදේශ ලේකම් ඇනී මරියා ඩිකෝට්ස් මහත්මිය සමග මේ සම්බන්ධව වැඩිදුරටත් සාකච්ඡා පවත්වා තිබේ. මෙහිදී රටවල් තුනම මෙම කටයුතු ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා මාර්ග සිතියම් තුනක් සකස් කිරීමටද එකගතාවය පළකර තිබේ.මෙමගින් ශක්තිමත් ආරක්ෂ,බලශක්ති,පාරිසරික,නව්‍යකරණ සහ ජන හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධවද අවධානය යොමුකර ඇත.මෙම වැඩ පිලිවෙල ඉන්දු පැසිෆික් කලාපයේ සාමකාමී බවට සහ අධ්‍යාපන,ව්‍යාපාර,සමුද්‍රීය,සංස්කෘතික,හරිත බලශක්තිය ශක්තිමත් කිරීමට වැදගත්වන බව ඉන්දීය විදේශ ඇමැතිවරයා ට්විටර් පණිවුඩයක්
නිකුත් කරමින් පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment