ඉන්දියාවේ බස් රථයක් පෙරළී 12ක් මරුට

98

ඉන්දියාවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් මඟීන් 12 දෙනකු මියගොස් තිබේ.

එම අනතුරෙන් තවත් මඟීන් 27 දෙනකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස අනතුරට ලක්වී තිබුණේ මුම්බායි – පූනේ මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයකි. මෙම අනතුර ඉකුත් 15 වැනිදා අලුයම් කාලයේදී සිදුව ඇත. බස් රථයේ ගමන් කරමින් සිට ඇත්තේ සංස්කෘතික සංගීත කණ්ඩායමක සාමාජිකයන් පිරිසකි.

තුවාල ලැබූ සහ මියගිය පිරිස වයස අවුරුදු 18ත් 25ත් අතර වයසේ පසුවන පුද්ගලයින් බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment