තුර්කියේ මරණ 50,000ක්! – ශ්‍රී ලාංකික කතක් මියගිහින්

310

දින 5ක් සුන්බුන් අතර සිරවී සිටි මාස දෙකේ බිලිඳිය මුදා ගැනේ

දින පහකට අධික කාලයක් සුන්බුන් අතර සිරවී සිටි මාස දෙකක බිලිඳියක බේරා ගැනීමට තුර්කි සහන සේවකයන් සමත්ව තිබේ.

භූ කම්පනය සිදුවී පැය 128කට පසුව මේ බිලිඳිය බේරා ගැනීම විශේෂ සිද්ධියකි. තුර්කියට හා සිරියාවට බලපෑ භුමිකම්පාව සිදුවූයේ පසුගිය සඳුදාය. පසුගිය සෙනසුරාදා මේ බිලිඳිය බේරා ගත්තේ තුර්කියේ හටේ පළාතෙනි.

මේ අතර මෙම භූමිකම්පාවෙන් මියගිය පිරිස විසිඅටදහස ඉක්මවා ඇත.

මේ අතර දකුණු තුර්කියේ භූමිකම්පාවෙන් හානියට පත් ප්‍රදේශවල අවිගත් කණ්ඩායම් අතර ගැටුම් ඇතිවීම නිසා ජර්මානු හා ඔස්ටි්‍රයානු සහන කණ්ඩායම් සිය මෙහෙයුම් නතර කර තිබේ.

තුර්කියේ අවම වශයෙන් ගොඩනැගිලි 6000 ක් කඩා වැටී ඇති බවට වාර්තා වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහන ප්‍රධානි මාටින් ග්‍රිෆිත්ස් පවසන්නේ මේ විපතින් මියගිය පිරිස පනස්දහස ඉක්මවිය හැකි බවයි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment