ජෙරොම් යළිත් රිමාන්ඩ්

132

ආගමික සහජීවනයට හානිවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ජනවාරි මස 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඊයේ (27 දා) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නියෝග කෙරිණි.

විදේශගතව සිට පසුගිය මස 29 වැනිදා දිවයිනට පැමිණි දේවගැති ජෙරොම් ප්‍රනාන්දු, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන් අනතුරුව ඔහු අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment