මහා අරියවංශ දේශනාවට යන්න විශේෂ දුම්රිය සේවාවක්

254

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියසදී පැවැත්වීමට නියමිත “මහා අරියවංශ දේශනාව” වෙනුවෙන් බෙලිඅත්ත සහ කොළඹ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය සේවයක් යොදවා ඇත.

ඒ අනුව අනිද්දා (30 දා) සහ ඊට පසු දින (31 දා) දක්වා මෙම විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටී. එම දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් 30 දා පෙරවරු 4.15ට ආරම්භ වන අතර පෙරවරු 08.10 වනවිට එය කොළඹ කොටුව වෙත ළඟාවීමට සැලසුම් කර ඇත.

අනතුරුව එම දුම්රිය 31 දා අනුරාධපුරය සිට පෙරවැ 9.10ට ධාවනය ආරම්භ කිරීමට නියමිත බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.

මහා අරිවංශ දේශනාව වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලය විසින් රටට සෙත්පතා කරනු ලබන සෙත් පිරිත් දේශනාමය වැඩසටහනකි. මෙම වැඩසටහන පූජ්‍ය බලංගොඩ රාධ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment