දේශීය ආදායම් වැඩ බලන ලොකු පුටුව ඩී. යූ. ඒ. ජයවර්ධනට

274

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැඩ බලන කොමසාරිස් ජනරාල් වශයෙන් ඩී. යූ. ඒ. ජයවර්ධන මහතා පත්කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (31දා) ‘දිවයින’ට පැවසීය.

ඒ මහතා මාස හතරක කාලයකට වැඩ බැලීම සඳහා පත්කළ බව ද ඇමැති සියඹලාපිටිය කීවේය. ජයවර්ධන මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයකු ලෙස සේවය කරමින් සිටියේය.

හිටපු දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩී. ආර්. එස්. හපුආරච්චි මහතා 2023.08.25 දින සිට විශ්‍රාම

ගැනීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා මෙසේ ඩී. යූ. ඒ. ජයවර්ධන මහතා පත්කරනු ලැබ ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment