ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම මේ වන විට ශ්‍රී ලංකාවේ කිරි ව්‍යවසායික කාන්තාවන්ගේ ජීවිත සහ ජීවනෝපාය මාර්ගයන් නගාසිටුවීම සඳහා පුරෝගාමී වැඩසටහනක් ආරම්භ කර තිබේ.

මෙම වැඩසටහන මගින් රටේ කිරි ව්‍යවසායික කාන්තාවන්ගේ දැනුම වැඩිදියුණු කිරීම සහ ඔවුන් සවිබල ගැන්වීම සම්බන්ධයෙන් මූලික වශයෙන් අවධානය යොමුකෙරෙනු ඇත. ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තුළ කාන්තාවන් ඉටුකරන භූමිකාවට නව අර්ථකථනයක් දෙමින්, ඔවුන් ආර්ථික හා සමාජයීය වශයෙන් සවිබල ගැන්වීමටත්, කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමටත් මෙමගින් හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කාන්තාවන් මෙරට කිරි කර්මාන්තය තුළ සුවිශාල කාර්යභාරයක් ඉටුකරන බව ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම හඳුනාගෙන ඇත. ඔවුන් ලබාදෙන දායකත්වය, ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රධානතම ජීවනෝපාය මූලාශ්‍රයක් බවට පත් වී තිබේ. එහෙත් මෙම කර්මාන්තය තුළදී කාන්තාවන්ට කාල කළමණාකරණය සම්බන්ධ ගැටලු‍, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සම්බන්ධ ගතානුගතික ආකල්ප සහ අනන්‍යතා ගැටලු‍ වැනි ගැටලු‍ රැසකට මුහුණදීමට සිදු වී ඇත. මෙම ගැටලු‍ අවම කිරීම දමමින් කිරි ව්‍යවසායිකාවන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීම සඳහා ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම පෙරමුණ ගෙන සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment