වත්ත වටේට උස තාප්පෙ ගේ වටේට සීසීටීවී කැමරා; උඩු මහලේ නාන කාමරයේ කසිප්පු පෙරූ ලේලිය මාමා සමඟ කොටු….

451

නිරෝධායන ඇඳිරි නීතිය සමයේ කසිප්පු පෙරීම පුරුද්දක් කරගෙන හොර රහසේ සූක්ෂම ලෙස තම සුපිරි දෙමහල් නිවසේ නාන කාමරයක කසිප්පු පෙරමින් සිටියදී කාන්තාවක් සහ ඇයගේ මාමා ඉකුත්(12*දා තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තඹුත්තේගම මූලස්ථාන පොලිසිය වෙත මෙම සුපිරි නිවස තුළ හොර රහසේ කසිප්පු පෙරන බවට ලැබුණු තොරතුරක් මත එම පොලිසියේ නිලධාරී සිදුකළ වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට අමතරව ගෝඩා බැරල් හතරක්, කසිප්පු බෝතල් 30ක් සහ කසිප්පු පෙරීමට ගන්නා උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇත. මෙම සුවිසල් දෙමහල් නිවස වටා අඩි අටකට වඩා උසකින් යුතු තාප්පයක්ද ගසා තාප්පය වටේටම සීසීටීවී සවිකර, ස්වංක‍්‍රීයව ක‍්‍රියාත්මක කරන විශාල ගේට්ටුවක්ද සවිකර තිබූ බවද පොලිසිය පවසයි.

වැටලීමට සහභාගි වූ පොලිස් නිලධාරීන් නිවසේ අයටද නොදැනෙන ලෙස නිවසේ පිටුපස තාප්පයෙන් බැස නිවස පරීක්ෂා කිරීමේදී උඩු මහලේ සුවපහසු නානකාමරයක මෙම කසිප්පු පෙරීම කොටු කරගෙන ඇත. වැටලීමට තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ පොලිස් පරික්ෂක චන්දන පීඑස් 47373 ජයසිංහ,පීඑස්36358කුමාර, පීඑස්36947නාමල්, පීඑස් 20096උදාර, පීසී68627ප‍්‍රසාද්, පීසී69826දිසානායක, පීසී80763ජයතිලක යන නිලධාරීන් විසින් සිදුකර තිබුණු අතර සැකකරුවන් තඹුත්තේගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


මකුලෑව – එල්.ඒ. කුමර

advertistmentadvertistment
advertistmentadvertistment