මාස දෙකකට පසු රුපියලට ලොකු ශක්තියක්

536

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ (27) දින ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 330.38 ක් දක්වා සැලකිය යුතු ලෙස පහත වැටෙමින් රුපියල ශක්තිමත් වී ඇත.

පසුගිය මාස දෙකක පමණ කාලයේ දී ඇමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වුණු අඩුම රුපියල් අගය ඊයේ (27) වාර්තා වී තිබේ.

ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ඊයේ දිනයේ රු. 320.53 ක් දක්වා ද පහත වැටී ඇත.

මෙලෙස ඩොලරයේ ගැනුම් මිල රු. 320 මට්ටමට සහ විකුණුම් මිල රු. 330 මට්ටමට පැමිණ ඇත්තේ මාස දෙකක පමණ කාලයකින් පසුවය. අවසාන වරට ඩොලරයේ රුපියල් වටිනාකම මෙම මට්ටම්වල පැවතියේ 2023 ඔක්තෝබර් 24 වන දිනයේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment