ප්‍රේමදාසපිටිය උණුසුම් කරමින් එල්පීඑල් අවසන් වටය අද ඇරැඹේ

221

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර අතරට සුදුසුකම් ලැබූ කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවන වටයේ තරඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) ප.ව.3.00 ට ආරම්භ වීමට නියමිතය.

මෙවර තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමි කරගත් දඹුල්ල අවුරා කණ්ඩායම සහ දෙවන ස්ථානය හිමි කරගත් ගෝල් ටයිටෑන්ස් කණ්ඩායම එම පළමු තරගය සඳහා පිටියට පිවිසේ.

දඹුල්ල අවුරා කණ්ඩායම මෙවර තරගාවලියේ තරඟ 8 තුළදී ජයග්‍රහණ 6 ක් හිමි කරගෙන ප්‍රසාද ලකුණු 12 ක් ලබා ගැනීමට සමත් විය.

ප්‍රේමදාසපිටිය උණුසුම් කරමින් එල්පීඑල් අවසන් වටය අද ඇරැඹේ

අවසන් වරට ඔවුන් සහභාගී වූ තරග 5 ම ජයග්‍රහණය කිරීමට සමත්ව ඇති අතර තරගාවලිය තුළ දී ඔවුන් පරාජය වූයේ බී ලව් කැන්ඩි කණ්ඩායමට සහ ගෝල් ටයිටෑන්ස් (සුපිරි පන්දු වාරයේදී) කණ්ඩායමට පමණි.

මෙවර තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් ගෝල් ටයිටෑන්ස් කණ්ඩායම තරග 8 තුළදී ජයග්‍රහණ 4 ක් හිමි කරගෙන ප්‍රසාද ලකුණු 8 කට හිමිකම් කියා ඇත.

පෙරේදා රාත්‍රියේ කළම්ඹු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට එරෙහිව ඔවුන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් අතර කොළඹ කණ්ඩායම ලකුණු 74 කට සීමා කිරීමට ගාල්ල කණ්ඩායමේ ටබ්‍රසේ ශම්සි සහ ලහිරු කුමාර දෙදෙනා සමත් වූහ.

දඹුල්ල කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 20 වෙනිදා වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා සෘජුවම සුදුසුකම් ලබයි.

ඉන් පරාජය වන කණ්ඩායමට ලබන සෙනසුරාදා (අනිද්දා) පැවැත්වෙන තරගය ජයග්‍රහණය කර අවසන් මහා තරගයට සිය සුදුසුකම් සැපිරීමට සිදුවේ.

බී ලව් කැන්ඩි කණ්ඩායම ද මෙවර තරගාවලියේ තරග 8 කට සහභාගී වී ජයග්‍රහණ හතරක් ලබා ඇති අතර තරග 8 කදී ජයග්‍රහණ තුනක් හිමිකරගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ඔවුන් අද රාත්‍රී 7.30 ට ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිත වේ.

එම තරගයන් ජයග්‍රහණය කරන කණ්ඩායමට සෘජුවම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගත නොහැකි අතර ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා ඔවුන්ට සෙනසුරාදා (අනිද්දා ) තරගයද ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ.

අද පස්වරු තුනට ඇරැඹෙන තරගයේ පරාජිත කණ්ඩායම සහ අද පස්වරු 7.30 ට ඇරඹෙන තරගයේ ජයග්‍රාහී කණ්ඩායම අතර සෙනසුරාදා තරගය පැවැත්වේ.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment