විදුලිබිල අඩු කිරීම ජනාධිපතිවරණ අල්ලසක් – අශෝක් අබේසිංහ

40

ජනාධිපතිවරණය වෙනුවෙන් ජනතාවට අල්ලසක් ලබාදීම සඳහා ජනවාරි මාසයේ සිට විදුලි බිල සියයට දහයකින් අඩු කිරීමට ආණ්ඩුව ක්‍රියාකරනු ඇතැයි,කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.

ලබන වසර මැතිවරණ වසරක් ලෙස නම් කර තිබීම හේතුකොට ගනිමින් ආණ්ඩුව ඉන්ධන මිල ද යම්තාක් දුරට අඩුකිරීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව ද හෙතෙම මාධ්‍යයට සඳහන් කළේය.

‘අස්වැසුම’ ලබාදීම සඳහා ලෝක බැංකුවෙන් මිලියන 75ක් ලබා දුන්නා. එය ජනතාවගෙන් ලක්ෂ 20කට ලබාදිය යුතු වුවත්, දැනට ලබාදී තිබෙන්නේ ලක්‍ෂ 14-15ත් අතර පිරිසකට. මෙය ලබාදීමේදී තෝරාගත් පවුල්වලට ඒ ඒ ආකාරයෙන් මුදල් ලබාදීම සිදු කළ යුතුව තිබුණා. ඒ අනුව පළමු පවුල් ලකෂ 4ට රුපියල් 2500 බැගින් ද දෙවැනි ලක්ෂ 4ට රුපියල් 5000ක්, තෙවැනි පවුල් ලක්ෂ 4ට රුපියල් 8500ක් සහ අවසන් පවුල් ලක්ෂ 4ට රුපියල් 15,000ක් ලෙස ලබාදීමටයි සැලසුම් කර තිබුණේ. නමුත් ලබන වසර මැතිවරණ වසරක් නිසා තවත් පවුල් ලක්ෂ 4කට ‘අස්වැසුම’ අල්ලස ලබාදෙන්න කියලා ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා යැයි ද අශෝක් අබේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment