ජනශක්ති අධ්‍යක්ෂ ඝාතනය නිසා බ්‍රයන් තෝමස්ට රට යාමේ තහනමක්

366

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 23 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.ඒ බොරැල්ල පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලට අදාළවය.එලෙස ප්‍රකාශ ලබාගත් පිරිස අතර කතාබහට ලක්වු ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතා ද සිටී.මේ වනවිට ඒ මහතාගේ විදෙස් ගමන් ද තහනම් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් ද නිකුත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment