මුලතිව් විනිසුරු ගැන අද උදෙන්ම පාර්ලිමේන්තුවේ කථා බහට

277


මුලතිව් විනිසුරු ටී. සරවනරාජා මහතාට යම් බලපෑමක් ඇතිවූවානම් එම බලපෑම් කළ අයට විරුද්ධව සිතාසියක් යැවීමට ඔහුට ව්‍යවස්ථාමය බලයක් තිබූ බවත් එසේ නොකිරීම ගැන වගකීම ඔහු භාරගතයුතු යැයි අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.සිතාසි යැවීමේ ව්‍යවස්ථාමය බලය ඇත්තේ විනිසුරුවරයෙක්ට බවත් අමාත්‍යවරයා කීවේය.එසේම යම් විනිසුරුවරයෙක් සම්බන්ධව ක්‍රියා කළ හැක්කේ අධිකරණ සේවා කොමිෂන් සභාවට බවත් ඒ සම්බන්ධව රජයට කිසිවක් කළ නොහැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.අමාත්‍යවරයා මේ බව පැවසූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment