රට පුරා ප්‍රධාන රෝහල්වල සෞඛ්‍ය වෘත්තී සමිති 25ක්  අද සිට විරෝධතාවේ

142

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල්වල අද (23 දා) සිට විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල වැටුප් කප්පාදුව, දීමනා නතර කිරීම, ඖෂධ හිඟය, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ප්‍රවාහන ගැටලුව, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහ රෝහල් තුළ නේවාසික රෝගීන්ගේ වට්ටෝරු වෙනස් කිරීම ඇතුළු කරුණු මුල් කර ගනිමින් ඒවාට කඩිනම් විසඳුම් ඉල්ලා මෙම විරෝධතා පවත්වන බව එම එකමුතුව ඊයේ (22දා) කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

එහිදී කතාකළ සමස්ත ලංකා වෛi නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, වෛi ජයන්ත බණ්ඩාර මහතා මෙසේ පැවසීය.

මෙම උද්ඝෝෂණ සහ විරෝධතා ලංකාවේ ප්‍රධාන රෝහල් තුළ දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වන්නට තීරණය කර තිබෙනවා. මොනරාගල ඇතුළු ප්‍රධාන රෝහල් කිහිපයකින් අද එය ආරම්භ කරනවා. මේ ගැටලුවලට රජය ඉක්මන් විසඳුම් ලබා නොදුන්නොත් විරෝධතා අඛණ්ඩව සහ දීපව්‍යාප්තව ඉදිරියට ගෙන යෑමට සෞඛ්‍ය වෘත්තීය සිමිති විසිපහකට අධික අපේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment