22 සම්මත වීමෙන් මන්ත්‍රී ධුර 10ක් අනතුරේ

969

පාර්ලිමේන්තුවේ ඊයේ සම්මත වූ 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දැරිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ අනුව මන්ත්‍රීවරුන් දස දෙනකුගේ මන්ත්‍රීධුර අහෝසි වන බැවින් නම්බුකාර ලෙස ඉල්ලා අස්විය යුතු බව ද සදහන් කරයි. එසේම රජයේ ඉහළ තනතුරු දරණ ඇතැම් ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට ද මෙය තීරණයක් ගැනීම සඳහා අවස්ථාවක් බව ද සදහන් කරයි. ඇමෙරිකාව වැනි රටවල පුරවැසිභාවය සහිතව ශ්‍රී ලංකාවේ ජොලියට වැඩ කරන පුද්ගලයන් ද දැන් තීරණයක් ගතයුතු යැයි ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment