ඛේදවාචකයක පෙරමග ලකුණු පහළ වෙලා – රුවන් විජයවර්ධන  

167

ඉන්ධන අර්බුදය හමුවේ තෙල් නොමැතිව වාහන අතරමග නවතිද්දී ආණ්ඩුව කිසිවක් සිදුනොවූ ආකාරයට හැසිරීම රටේ අනාගත ආර්ථික ඛේදවාචකයක පෙරමග ලකුණු යැයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඊයේ (01 දා) පැවසීය.

රාත‍්‍රියට ජනතාව කළුවරේ තබන ආණ්ඩුව දහවලට ජනතාව තෙල් පෝලිම්වලට ගාල්කර ඇතැයිද විජයවර්ධන මහතා ඊයේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවැති තරුණ කණ්ඩායම් දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් පැවසීය. රුසියානු යුක්රේන අර්බුදය හේතුවෙන් ඇතිවන ලෝක ආර්ථික අර්බුදයට මුහුණ දීමට අනෙකුත් රටවල් සැලසුම් සකස් කරද්දී ශ‍්‍රී ලංකාව එවැනි අර්බුදයක් ඇති නොවන බව සිතමින් කල්මරමින් සිටින බවද විජයවර්ධන මහතා කීය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය. මේ අර්බුදයෙන් බොරතෙල් බැරලය ඩොලර් 115 – 120 අතර මිලකට යන්න පුළුවන් කියලා ආර්ථික විශ්ලේෂකයන් කියනවා. ඉන්ධන මිල ඉහළයාම ලෝකයේ සියලූම රටවලට බලපානවා. ලෝකයේ අනෙකුත් රටවල් ඒ සඳහා සැලසුම් සකස් කරන විට අපේ රට එහෙම කිසිම සැලැස්මක් ගැන අවධානය යොමුකරන බවක් පේන්න නැහැ. අපේ රටේ විදේශ සංචිත එන්න එනම පහළ බහිනවා. අපි හැම විටම කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් මේ මූල්‍ය අර්බුදය විසඳගන්න කියලයි. නමුත් උද්දච්ච ආණ්ඩුව මේක කළේ නැහැ. මුදල් ඇමැතිවරයා කියනවා දැන් අයි. එම්. එෆ්. යනවා කියලා. අස්සයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහන පිළිවෙළකයි ආණ්ඩුව ඉන්නේ. ඉන්ධනහල්වලින් ඉන්ධන නිකුත් කිරීම සීමා කරලා යතුරුපැදියකට රුපියල් 500යි. ත‍්‍රිරෝද රථයකට රුපියල් 800යි. සැහැල්ලූ වාහනවලට රුපියල් 2000යි, බස්රථයකට රුපියල් 2500යි සුඛෝපභෝගි වාහනයකට රුපියල් 3000යි මෙහෙම තමයි කොළඹින් පිටපළාත්වල වාහනවලට ඉන්ධන ලබාදෙන්නේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment