කොවිඞ් මරණ වැළැක්වීමේ එකමුතුවෙන් ජනපතිට සංදේශයක්

100

කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා වන එන්නත්කරණ වැඩසටහන ඉදිරියට ගෙන යන අතරවාරයේ දී ජනතාවගේ ප‍්‍රතිශක්තීකරණය වර්ධනය කිරීම සඳහා වන දේශීය විසඳුම් වෙත යොමුවිය යුතු බවටත් ඒ හරහා විදේශ විනිමය අර්බුදයට විසඳුම් සෙවිය යුතු බවටත් යෝජනා කරමින් කොවිඞ් මරණ වැළැක්වීමේ එකමුතුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සංදේශයක් යොමු කරනු ලැබුවේය.

ප‍්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම සඳහා වන දේශීය වශයෙන් වන ආහාර අතිරේකයන් තුළින් විදේශ වෙත ඇදී යන මුදල් ප‍්‍රමාණය සීමා කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත්, විදේශ සංචිත අර්බුදය විසඳා ගැනීමේදී එය සුබදායී ලෙස බලපානු ඇති බවත් එම සංදේශයේ සඳහන් විය.

කොවිඞ් මරණ වැළැක්වීමේ එකමුතුව වෙනුවෙන් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මෙම සංදේශය ජනාධිපති ලේකම් කාර්යාලයට බාරදුන් අතර කොවිඞ් මරණ වැළැක්වීමේ එකමුතුවේ කැඳවුම්කරු චන්දන ජයලත් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment