පාස්කු ප‍්‍රහාරය පිළිබඳ ප‍්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙනයෑම රටට ද්‍රෝහි වීමක් නොවේ – ඕමල්පේ සෝභිත හිමියෝ

198

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධ ප‍්‍රශ්නය ජාතික මට්ටමින් විස`දා ගැනීමට නොහැකි නම් එය ජාත්‍යන්තරය රැුගෙන යෑමට කතෝලික ජනතාවට පූර්ණ අයිතියක් ඇතැයි ඕමල්පේ සෝභිත හිමියෝ ස`දහන් කරති.

තමන්ගේ ප‍්‍රශ්නය පිළිබ`දව සෑහීමකට පත් නොවන්නේ නම් ඕනෑම අයකුට අධිකරණයේ ඉහළම තැනට යෑමට අයිතිය තිබිය යුතු බවද සෝභිත හිමියෝ පවසති. කිසිවකුටත් ඊට විරුද්ධ විය නොහැකි බව පෙන්වා දෙන උන්වහන්සේ පාස්කු ප‍්‍රහාරය පිළිබ`ද ප‍්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙන යෑම රටට ද්‍රෝහී වීමක් නොවන බවද පෙන්වා දෙති.

ශී‍්‍ර ලංකාව තනිව ජීවත්වන රටක් නොවන අතර ජාත්‍යන්තර සංවිධාන හා සන්ධාන සම`ග සම්මුතීන්ට එළැඹී රටක් බවද ස`දහන් කරන සෝභිත හිමියෝ, එසේ සම්මුතීන්ට එළැඹී තිබෙන්නේ රටේ ආරක්‍ෂාව ස`දහා යැයිද පෙන්වා දෙති. අතීතයේදී ද මෙරට ප‍්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන ගොස් ඇති බවද පෙන්වා දෙන උන්වහන්සේ 1971, 1988-89 මෙන්ම එල්ටීටීඊ ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන්ද අප ජාත්‍යන්තරයට කරුණු ඉදිරිපත් කර තිබීම එයට උදාහරණ ලෙස පෙන්වා දිය හැකි යැයිද ස`දහන් කරති.

එනිසා මේ අවස්ථාවේ කතෝලික ජනතාවගේ තීන්දුවට සමස්ත බෞද්ධයන්ගේ එක`ගතාව මෙන්ම සහයෝගයද හිමිවිය යුතු බව උන්වහන්සේ වීඩියෝවක් නිකුත් කරමින් වැඩිදුරටත් කියා සිටිති.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment