රාහුල් ගාන්ධිගේ ට්විටර් ගිණුම අත්හිටුවීම ගැන කොංග‍්‍රස් පක්ෂයේ විරෝධය

107

ඉන්දීය කොංග‍්‍රස් පක්ෂයේ හිටපු සභාපති රාහුල් ගාන්ධිගේ ට්විටර් ගිණුම තාවකාලිකව අත්හිටුවීම් සම්බන්ධයෙන් කොංග‍්‍රස් පක්ෂය ට්විටර් පාලනාධිකාරය වෙත සිය විරෝධය පළ කර තිබේ. මෙම ක‍්‍රියාව හරහා ටිව්ටර් සමාගම මෝඩිගේ රජය යටතේ නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති අයිතිය උල්ලංඝනය කර ඇති බවත් එම සමාගම සිය දෙබිඩි පිළිවෙත රාහුල් ගාන්ධිගේ ගිණුම අත්හිටුවීමෙන් ප‍්‍රදර්ශනය කර ඇති බව කොංග‍්‍රස් පක්ෂය පවසයි.

 දිල්ලි නගරයේ සමූහ දූෂණයකට ලක්ව මරා දැමුණු 09 හැවිරිදි වියෙහි පසු වූ දැරියගේ පවුලේ සාමාජිකයන් සමග රාහුල් ගාන්ධි විසින් සිය ට්විටර් ගිණුමෙහි පළ කළ සටහනක් හේතුවෙන් ඔහුගේ එම ගිණුම අත්හිටුවීමට මුල්ව තිබු බව වාර්තා වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment