සාත්තු සේවිකාව කොවිඩ් රෝගී ටීචර් මරා දාලා – රැකබලා ගන්න මසකට ලක්‍ෂ 1 1/2 ක් පඩියක් ගෙවලා

1872

කොවිඞ් ආසාදනයවී දැඩි මානසික පීඩාවකට පත්ව ගිලන් ඇඳෙහි පසුවූ 80 හැවිරිදි විශ‍්‍රාමික ගුරුවරිය නිදියහනේ දීම ගෙල සිරකර මරා දැමූ බව කියන ඇය රැකබලාගත් පෞද්ගලික සාත්තු සේවිකාව රද්දොළුගම පොලිසිය විසින් 19 දා අත්අඩංගුවට ගෙන ඇත.

එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය 19 දා පැවැත්වූ මීගමුව දිස්ත‍්‍රික් මහ රෝහලේ සහකාර අධිකරණ වෛi විශේෂඥ නාමල් ප‍්‍රනාන්දු මහතා විසින් සිදු කළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වූ කරුණු අනුව විශ‍්‍රාමික ගුරුවරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සාත්තු සේවිකාව රද්දොළුගම පොලිසිය මගින් 19 දා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියේදී මරණයට පත්ව ඇත්තේ රද්දොළුගම පදිංචිව සිටි ඩබ්ලිව්. ටී. සීතා මාලනී සිරිවර්ධන (80)  මහත්මියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රද්දොළුගම පොලිසිය විසින් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ කරුණු අනුව මියගිය විශ‍්‍රාමික ගුරුවරිය සහ වයස්ගත ඇගේ සැමියා රද්දොළුගම නිවාස සංකීර්ණයේ පදිංචිව සිට ඇත. ඔවුන්ගේ දරු දෙදෙනා වන පුතු ඇමෙරිකාවේ රැකියාවක නිරතව සිටින අතර දුව මැදපෙරදිග උසස් රැකියාවක නිරතවී සිටී.

ඔවුන් රෝගාතුරව පසුවන තම මව රැකබලා ගැනීමට සහ සාත්තු සප්පායම් කිරීම සඳහා දිවයිනේ ප‍්‍රධාන පෙළේ සාත්තු සේවිකාවන් ලබා දෙන බව කියන කටුනායක පිහිටි පෞද්ගලික ආයතනයකට මුදල් ගෙවා තම මවට සාත්තු කිරීම සඳහා සාත්තු සේවිකාවක් ලබා ගෙන ඇත. තම මවට උවටැන් කළ සාත්තු සේවිකාවට දරුවන් විසින් රුපියල් ලක්‍ෂ 1 1/2 බැගින් මසකට ගෙවා ඇත. සාත්තු සේවිකාව වසරකට ආසන්න කලක් රෝගී ගුරුවරිය රැකබලා ගනිමින් එම නිවසේ ජීවත්ව ඇත. පසුගිය 19 දා අලූයම සීතල වී ඇති බවට සාත්තු සේවිකාව මියගිය ගුරුවරියගේ වයෝවෘද්ධ සැමියා දැනුවත් කර ඇත. පසුව 19 දා ඇය මීගමුව දිස්ත‍්‍රික් රෝහලට ඇතුළත් කළත් ඇය මියගොස් සිටියාය.

ඇයගේ මරණ පරීක්‍ෂණය සිදුකළ මීගමුව දිස්ත‍්‍රික් මහ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය සිරිජයන්ත වික‍්‍රමරත්න මහතා විසින් සිරුරේ තැනින් තැන වූ තුවාල සහ තුවාල කැළල් හේතුවෙන් එහි පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීම සඳහා මීගමුව දිස්ත‍්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ සමහර ලප කැලැල් සාත්තු සේවිකාව විසින් විශ‍්‍රාමික ගුරුවරිය ඇගේ නිදිහයනේ බැඳ දැමීමෙන් ඇතිවූ තුවාල කැලැල් බවය. ගුරුවරිය කොවිඞ් ආසාදිතයකු බවට තහවුරු වී ඇත. මනුශ්‍ය ඝාතන චෝදනා ලැබූ සාත්තු සේවිකාව 20 දා අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව තිබිණි. මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමසන් සිගේරා, සහකාර පොලිස් අධිකාරි ප‍්‍රසාද් සුබසිංහ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත රද්දොළුගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කුවින්ටස් පෙරේරා මහතා විමර්ශන සිදු කළහ.

මීගමුව සමූහ – විමල් කීර්ති සහ කටුනායක ආනන්ද නිශ්ශංක
 

advertistmentadvertistment
advertistmentadvertistment