මොනරාගල පූර්ණ ආබාධිත අයට ඡන්දය දෙන්න තාවකාලික හැඳුනුම්පතක්

21

පූර්ණ ආබාධිත තත්වයෙන් පසු වන තැනැත්තන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා භාවිතා කළ හැකි තාවකාලික හැඳුනුම්පතක් ලබාදීමට මොනරාගල සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලය කටයුතු යොදා ඇත.

ඒ සඳහා නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය අනුග්‍රහය ලබාදී තිබේ. මෙම වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පූර්ණ ආබාධිත ඡන්ද දායකයන් 500 දෙනෙකුට හැඳුනුම්පත් නිකුත් කිරීමට නියමිතය.

ඒ පිළිබඳව බුත්තල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අබාධිත තැනැත්තන් හඳුනාගැනීම සඳහා වූ වැඩසටහනක් ඉකුත්දා බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට මොනරාගල සහකාර මැතිවරණ කොමසාරිස් නීතීඥ නාගලිංගම් රේගන් මහතාද සහභාගී විය. පූර්ණ ආබාධිත තැනැත්තන් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණෙන් ලබාදෙන මෙම හැඳුනුම්පත ඡන්දය ප්‍රකාශ කිරීමට පමණක් වලංගුවේ.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment