සත්කාරයන් වේලාසනින්ම සුපිරි හතරට

657

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය සඳහා සුදුසුකම් ලබා ගත් පළමු කණ්ඩායම බවට පත්වීමට සත්කාරක පාකිස්තානය සමත් වූයේය.

තම පළමු තරගයේදී නේපාලය පරදවා පහසු ජයග්‍රහණයක් ලබා සිටි පකිස්තානය ඉන්දියාව සමග පෙරේදා මහනුවර දී පැවැති තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් වීමත් සමග එම අවස්ථාව උදාකර ගත්තේය.

ඒ අනුව ඔවුන් තරගාවලියේ පළමු තරග 3 අවසානයේ ප්‍රසාද ලකුණු තුනක් හිමි කරගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර මෙතෙක් සුපිරි 4 වටයට සුදුසුකම් ලබාගත් එකම කණ්ඩායමද පකිස්තානය වේ.

ඉන්දියාව සහ පකිස්ථානය අතර පෙරේදා පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 48.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 266 ක් ලබා ගත් අතර වර්ෂාව හේතුවෙන් පකිස්තානයට පිතිහරඹයට පැමිණීමට නොහැකි වූයේය.

ඉන්දියාවේ පළමු කඩුලු 4 ලකුණු 66 ක් තුළ බිඳ වැටී තිබියදී ඉෂාන් කිෂන් ලකුණු 82 ක් හා හර්ඩික් පාන්ඩ්යා ලකුණු 87 ක් රැස් කළහ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 35 කට කඩුලු 4 ක් දවා ගත් අතර නසීම් ශාහ් හා හැරිස් රවුෆ් කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.

advertistmentadvertistment
advertistmentadvertistment