නිධන් හාරද්දී ඇල්ලූ ලුතිනන් කර්නල් ඇතුළු 4 ක් රිමාන්ඩ්

129

කරදියනාරු පොලිස් වසමේ මාවඩිඔඩිසේ කැලෑවේ නිධන් වස්තු සෙවීමට ගියැයි චෝදනා ලද ලුතිනන් කර්නල්වරයකු හමුදා නිලධාරීන් දෙදෙනකු හා චීවරධාරියකු එරාවුර් අධිකරණය වෛත ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 10 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

කරදියනාරු පොලිසිය මගින් මෙම සිව්දෙනා අධිරකරණයට ඉදිරිපත් කර තිබේ. සැකකාර කර්නල්වරයාගේ නිල වාහනයෙන් පැමිණි සැකකරුවන් පුරාවිiා දෙපාර්තමේන්තුව මගින් මායිම් කරන ලද ස්ථානයක් යන්ත්‍රයකින් හාරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීම සිදුකරන අවස්ථාවේ ලුතිනන් කර්නල්වරයා ඊට නුදුරින් සිය වාහනයේ සිට ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි. පුරාවිiා දෙපාර්තමේන්තුව මගින් මායිම් කළ මෙම ස්ථානයේ පැරණි බෞද්ධ සිද්ධස්ථානයක් තිබී ඇතැයි පැවසේ.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment