පාස්කු ප‍්‍රහාරය වළක්වා නොගැනීමෙන් – පොලිසිය වගකීම පැහැර හැරියා කීමට බැහැ – රනිල් වික‍්‍රමසිංහ

187

පාස්කු ප‍්‍රහාරය වළක්වා නොගැනීමෙන් එවකට රාජකාරි කළ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ පොලිස් අධිකාරිවරුන් වගකීම පැහැර හැරියා යැයි කීමට තමාට නොහැකි බව එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04 දා) පැවසීය.

පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතු කරමින් මේ වනවිට රිමාන්ඞ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් කරුණු දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය

වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් න`ගන්න මට අවසර දෙන්න. මොකද මම අද දවල් වෙනකම් මෙතැන නැති නිසා. රජය අපට දැනුම්දීලා තිබෙන්නේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ ජීවතුන් අතර සිටින සියලූ දෙනාටම විරුද්ධව නඩු දාලා තිබෙනවා කියලයි.

ඒ හැම කෙනා ගැනම නඩු ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ ගැන ප‍්‍රශ්නයක් නෑ. පොලිසිය අදාළ විභාග අවසන් කරලා තිබෙන්නේ. මේ නිසා නඩු ඉදිරියට ගෙනියන්න තිබෙනවා. මේ අවස්ථාවේදී එක කොටසක් වැරදිකරුවන් හැටියට නඩු දාලා තිබෙනවා.

නමුත් මේ සභාවට බලපාන එක ගැටලූවක් තිබෙනවා. රිෂාඞ් බදියුදීන් මන්ත‍්‍රීතුමා පිළිබඳව. එතුමා දැන් රඳවා

ගැනීමේ නියෝගයක් යටතේ තමයි අත්අඩංගුවේ රඳවාගෙන ඉන්නේ. නඩු දානවා නම් සාක්‍ෂි තිබෙනවා නම් එතුමාට එරෙහිවත් නඩු දාලා මේ නඩු ඉදිරියට ගෙනියන්න.

එතුම හට නඩු නැත්නම් එතැනින් පිට කරන්න. මෙතුමාගේ ප‍්‍රශ්නය ගැන අපි කතා කළ යුතුයි. විශේෂයෙන්ම මම ඉල්ලනවා නීතිපතිතුමාට ලිපියක් ලියලා අහන්න දැන් තිබෙන තත්ත්වය මොකක්ද කියලා. මෙතුමාට විරුද්ධව සාක්‍ෂි තියෙනවා නම් ඒ ගැන ක‍්‍රියා කරන්න.

එතුමාව දැන් රඳවාගෙන ඉන්නේ යම් පරීක්‍ෂණයකට අදාළ යැයි කියලා. එහෙම සාක්‍ෂි තිබෙනවා නම් ඒ සාක්‍ෂි ඉදිරිපත් කරන්න. මොකද මේ සභාවේ මන්ත‍්‍රීවරයෙක් නඩුවකට ඇ`ගිලි ගහනවා නම් ඒක ප‍්‍රධාන ප‍්‍රශ්නයක්.

ඔය කියන අපරාධය සිදුවන සම්පූර්ණ කාලය තුළ එතුමා අත්අඩංගුවේ ඉඳලයි තිබෙන්නේ. රැුඳවුම් නියෝගයක් යටතේ. ඔහු එහෙම දෙයක් කරලා තිබෙනවා නම් ඒ ගැන වරප‍්‍රසාද කමිටුවට යන්න පුළුවන්, නැත්නම් ඉවත් කරන්න පුළුවන්.

මහෙස්ත‍්‍රාත්තුමියට ඉදිරිපත් කරපු සාක්‍ෂි මෙතැනට ඉදිරිපත් කරන්න ඕනෑ. ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට දෙන්න ඕනෑ. ඒ ගැන වැඩිදුරට කතා කළ යුතුයි. ඒ වගේම ඒ සාක්‍ෂි කොහොමද අරගන්නේ කියලා.

ඒ වගේම මම තව උදාහරණයක් දෙන්නම්. පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරු ඒ වගේම පොලිස් අධිකාරිවරුන්ටත් නඩු දාලා තිබෙනවා. මම එකක් කියන්න ඕනෑ එදා මමයි භාරව හිටියේ මේ නියෝජ්‍ය පොලිස්පතිවරු, අධිකාරිවරුන් සියලූ දේ හරියට කළා. මට නම් කියන්න බෑ ඒ අය නොකෙරුවා කියලා. අනෙක් එක මේ චක‍්‍රලේඛය එතැනින් පස්සේ එදාට වෙන වැඩකටයුත්තක් එතුමන්ලාට දීලා තිබුණා.

ඒ සති අන්තයේ තමයි සිංහල අලූත් අවුරුද්ද තිබුණේ සිංහල අවුරුද්දෙන් පසුව පළමු සති අන්තයයි. ඒ සති අන්තයේ සෙනසුරාදා ? සංගීත සංදර්ශන ගණානවක් තිබුණා. බෙන්තොට පැතිතෙත් තිබුණා. මම ඒ ළ`ග හිටියේ. ඉරිදත් වැඩියෙන්ම තිබුණා. ඉරිදා උදේ සයිකල් රේස් තිබුණා. අධිකරණ ඇමැතිතුමා දන්නවා ඇති එදා කොළඹ තිබුණු උත්සව ටික. මම දන්නවා ගම්පහ තිබුණු උත්සව මේවා ගැන නීතිපතිතුමා සලකා බලන්න ඕනෑ.

මේ අනුව රජය කියපු නිසා තමයි මේ උත්සව කරගෙන ගියේ. ඒ වගේම අපි කිව්වහම නැවැත්තුවේ. මම එකක් කියනවා මට කියන්න බැහැ ඒ අය වගකීම අත්හැරියා කියලා. ඒ නියෝජ්‍ය පොලිස්පතිවරු, ගම්පහයි කොළඹයි දෙකේම ඒ වැඩකටයුතු කළ එකයි මම කියන්නේ. මේ මන්ත‍්‍රීතුමාගේ වරප‍්‍රසාදය ගැන අපට මෙතන අහන්න පුළුවන්.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment