අපට කනගාටුයි – ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක කියයි

451

2022 ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට ධනාත්මක මෙන්ම ඍණාත්මක අවස්ථාවලට මුහුණ දීමට සිදු වූ බව ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ඊයේ (07 වැනිදා) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණෙමින් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී පැවසීය.

එමෙන්ම සිය කණ්ඩායම හැමවිටම උපරිමයෙන් ක්‍රීඩා කළ බවත් ධනුෂ්ක ගුණතිලකගේ සිදුවීම පිළිබඳව තමන් කනගාටු වන බවත් වැඩිදුරටත් පැවසීය.

ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්තාන තරගාවලියට සහභාගි වීමට තමන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වන බව ද කී දසුන් ඇතුළු කණ්ඩායම වෙනත් කිසිවක් ප්‍රකාශ නොකර කඩිනමින් ගුවන්තොටුපළෙන් පිටත්ව ගියහ.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ උදෑසන 08.27 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ. කේ. – 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළට පැමිණ තිබුණි.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment