ජනපති සටනට එන ජනකගේ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය අද ඇරේ

144

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම සඳහා ජාතික සිවිල් සංවිධාන පෙරමුණ අද (11දා) පෙරවරු 10.30 ට ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කරයි.

ජනක රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කිරුළපන ඇවිනිව්, සෝමාදේවි පෙදෙසේ ටි්‍රලියන් ගොඩනැඟිල්ලේදී මෙම කාර්යාලය විවෘත කරන බව ජාතික සිවිල් සංවිධාන පෙරමුණ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය.

‘ශක්තිමත් ජාතික ආර්ථිකයක් – දූෂණයෙන් තොර රටක්’ ලෙස නම්කරමින් ආරම්භ කරන නව වැඩසටහන සඳහා එක්වීමට බොහෝ පිරිසක් කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව ද ධමිමික මහතා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment